Colombo Today Local News

දිනේෂ් ෂාෆ්ටර් මරා දැමූ බවට හෙළි වෙයි

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය, ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (01)දින තීන්දු කළේය.

ඒ අනුව, මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇත.

මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ වාර්තා, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණය විසින් පත් කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරු ව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

ඒ අනුව එම ඝාතනයට සම්බන්ධ පුද්ගලයක් වාහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

Related posts

ගෝඨාට සහාය දක්වන්න ශ්‍රිනිප තීරණයක් නෑ

colombotoday

කොරෝනා ආසාදිතයින් තවත් ඉහලට

colombotoday

රජයේ ආයතන තුළ ඡන්ද අපේක්ෂකයින්ගේ අත් පත්‍රිකා බෙදීම තහනම්

colombotoday

පාසල් 122ක විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් කුඩු විකුණූ 75ක් අත්අඩංගුවට..

Admin

වතුර නැති පාසල් 1000ක්… වැසිකිලි නැති පාසල් 1800 කට වැඩී

Admin

නීති විරෝධී පිස්තෝලයක් සමග වෙඩි නොවදින පපු ආවරණයක් සොයා ගනී

colombotoday