Colombo Today Local News

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සියදිවි නසාගැනීමක් නොවේ – පොලීසිය

මෙරට ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සියදිවි නසාගැනීමක් බවට වාර්තා නොවන බව පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 175 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.

“කිසිම වෙලාවක මෙතෙක් එම මරණය සියදිවි නසාගැනීමක් බවට වාර්තා කිරීමකුත් නෑ. කිසිම ආකාරයක තහවුරු කිරීමකුත් නෑ. තවදුරටත් විමර්ශන කටයුතු සිදුවෙනවා. මේ අවස්ථාව වන විට ප්‍රකාශ 175කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරලා තියෙනවා. ඒ වගේම නඩු භාණ්ඩ 14කට ආසන්න සංඛ්‍යාවක් රජයේ රස පරීක්ෂකයා වෙත පරීක්ෂා කිරීම සඳහා යොමු කරලා තියෙනවා. ඊට අමතරව දුරකථන විශ්ලේෂණ, බැංකු වාර්තා සහ විවිධ ලබා ගත යුතු ලේඛන ලබාගනිමින් පවතිනවා. අනෙකුත් දත්ත පරිශීලනය කරමින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් පවතිනවා. සෘජු සාක්ෂි සොයාගැනීම සඳහා පරීක්ෂණ පවත්වනවා. නමුත් සියදිවි නසාගැනීමක් ද මනුෂ්‍ය ඝාතනයක් ද හෝ වෙනත් දෙයක්ද යන්න මෙතෙක් තහවුරු වෙලා නෑ. කිසිම සැකකරුවෙක් මෙතෙක් නිෂ්චිතව හඳුනාගෙන නෑ.”

Related posts

සමාජ මාධ්‍ය අවහිර කළේ ආණ්ඩුවේ විළි වහගන්නයි… දැවැන්ත ජනමත සංහාරයක් !!

colombotoday

අද සිට දිනකට පැය දෙකක් විදුලිය කැපේ !

colombotoday

මැදිරිගිරියේ ගොවි රජවරු පොහොට්ටුව පුප්පති.. ගොවි පුතා දෙවැනි තැනට.. අලියා තුනට වැටේ

colombotoday

චීනයට ඉඩ නෑ, අලුත් ගිවිසුමකින් පොර්ට් සිටී අරඹන්න රජයේ අනුමැතිය.

colombotoday

මොරටුව සිට කොළඹට මංතීරු 6ක මාර්ගයක්

colombotoday

උප්පැන්න නැති ශ්‍රී ලාංකිකයින්ට ID එකක්

Admin