Colombo Today Local News

පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ කරන්නේ නැහැ – ජනපති කියයි

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “Deutsche Welle” හෙවත් ටෙලිවිෂන් ජර්මනි සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

එම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේ දී මාධ්‍යවේදියා යොමුකළ ප්‍රශ්න හමුවේ ජනාධිපතිවරයා තරමක් අවේගශීලිව පිළිතුරු ලබාදුන් අතර එහිදී ඔහු අවධාරණය කළේ කිසිදු කරුණක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු නොකරන බවයි.

එක්සත් රාජධානිය හෝ ජර්මනිය එවැනි පරීක්ෂණයක් සිදුකර නොමැති බවත් ශ්‍රී ලංකාව සහ ආසියාතිකයින්ට පමණක් මෙවැනි ආකාරයේ පරීක්ෂණ සිදුකරන ලෙස ප්‍රකාශ කරන්නේ කුමන කරුණු මත පදනම්ව දැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කළේය.

පරීක්ෂණ සිදුකරනු ලබන්නේ ශ්‍රී ලාංකිකයින් පමණක් යොදාගෙන බව සදහන් කළ ජනාධිපතිවරයා කතෝලික රදගුරු සම්මේලනයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදීයාගෙන් විමසා සිටියේය.

එහිදී ඩොයිෂ් වෙල් මාධ්‍යවේදීයා පැවසුවේ තමන් එවැන්නක් සිදුනොකළ බවයි.

එසේ නම් ඔබට මෙම ප්‍රශ්න ඇසීමට කිසිදු අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.

Related posts

ඇස්ට්‍රාසෙනෙකා ගත් කොළඹ වැඩිහිටියන්ට Pfizer එන්නත

colombotoday

මෙරට වගාකල හැකි භෝග ආනයනයට 2018 දී රු. මිලියන 289532 වැය කරලා !

colombotoday

කොවිඩ් මර්දන කමිටුව අද රැස්වෙයි

colombotoday

ඩයනාට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

Admin

වෙඩි තබා ඝාතනය කළ බවට සැක මළ සිරුරක් ලඳු කැළෑවකින් හමුවෙයි

colombotoday

ඇත්තටම කාර් මිල අඩුවුණාද? 2018 අයවැයෙන් කාර් මිල වෙනස්වන හැටි මෙන්න !

colombotoday