Colombo Today Local News

තහනම් ඖෂධ තොගයක් සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස තහනම් ඖෂධ අඩංගු කාඩ් 400ක තොගයක් ලඟ තබාගෙන සිටියේ යැයි කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙකු ගලිගමුව බල්ලපාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදී කෑගල්ල කොට්ඨාශ අපරාධ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකාර පොලිස් සැරයන්වරයා පොලිස් විශේෂ කාර්ය කාර්ය බලකායේන් විශ්‍රාම ලබා ගැනීම සඳහා විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගෙන සිටි අයෙක් බව වාර්තා වේ.

කෑගල්ල ආහාර හා ඖෂධ පාලක නිලධාරීන්ගේ ද සහය ඇතිව මෙම වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.

කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් තහනම් ඖෂධ තොගය සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

O/L ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

කේරළ ගංජා කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

මේ වසරේ ඡන්දයක් නෑ.. පුංචි ඡන්දයත් ලබන වසරේ – මැ.කො.

colombotoday

අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 5ක පුද්ගලයින් 7649ක් පීඩාවට

colombotoday

“හමුදා කදවුරකට ඇතුල් වෙන්න කාගෙවත් අවසර ඕන නෑ.. ඒ ගැන කතා එපා” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday