Colombo Today Local News

පඩි වැඩි කරන්න නම් බදු වැඩි කරන්න වෙයි. – ඇමති බන්දුල කියයි

පවතින තත්ත්වය තුළ වැටුප් වැඩිකිරීමට ප්‍රමාණවත් ආදායමක් ලැබීමට නම් භාණ්ඩාගාරයට අතිරේක මුදලක් සොයාගත යුතු බව ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ වනවිට එවැනි මුදලක් සොයාගැනීමට ඇති ක්‍රම වන්නේ රාජ්‍ය දේපොළ වත්කම් විකිණීම, බදු තවදුරටත් වැඩිකිරීම, අලුතෙන් බදු පැනවීම බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (31)දින පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීය.

තත්ත්වය එසේ තිබියදී මෙවර අයවැය තුළින් යම්කිසි ආකාරයකින් වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ අතර 2022 වසරේදී මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බදු ආදායම රුපියල් බිලියන 1,751කි.

ඉන් 2022 වසරේ රාජ්‍ය සේවක වැටුප් සඳහා පමණක් බිලියන 956ක් වැය වී ඇති බව අද (31)දින පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

විශ්‍රාම වැටුප් සඳහා බිලියන309ක්, සමෘද්ධිය ඇතුළු සහනාධාර සඳහා බිලියන 506ක් වැය කළ බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව රාජ්‍ය බදු ආදායමෙන් ගෙවීමට හැකිවී ඇත්තේ මෙම වියදම් පමණක් බවද ඔහු අමාත්‍යවරයා කීය.

ඉතිහාසය පුරාම මෙම තත්ත්වය පියවාගෙන ඇත්තේ ණය ගැනීමෙන් සහ මුදල් මුද්‍රණය කිරීමෙන් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රට පුරා කඩාවැටීමට ආසන්න සහ දැඩි අනතුරුදායක තත්ත්වයේ පවතින පාලම් 30ක් පමණ හඳුනාගෙන ඇති බවද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ,

“එවැනි පාලම් හඳුනගෙන දැනට යම් යම් ප්‍රතිකර්ම කරමින් තියාගෙන ඉන්නවා. අනතුරුදායක පාලම් විතරක් හදන්න ඉතා විශාල මුදලක් යනවා. ලංකාව පුරාම ඉතාම අබලන් වෙච්ච මහමාර්ග රැසක් තිබෙනවා. ඒවටත් යොදවන්න තිබෙන්නේ මේ ආදායම. තවමත් බිලියන 2,000කට වඩා ආදායමක් උපයා ගන්න බැරිවෙලා තියෙනවා ලංකා ආණ්ඩුවට. ඒ නිසා මංමාවත්, පාලම් වැනි යටිතල පහසුකම් සඳහා මුදල් කොහෙන්ද?”

Related posts

වතුකරයේ දෙමල ජනතාවගෙන් මෛත්‍රීට හරසර

colombotoday

අගරදගුරුතුමන්ට කොමාන්ඩෝ ආරක්ෂාව…

colombotoday

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට නිලධාරීන් පත් කෙරේ

colombotoday

වද සැත්කම් චූදිත වෛද්‍ය සාෆි ගැන ගැන සීඅයිඩිය අලූතින් පරීක්‍ෂණ අරඹයි

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ආත්මයන් දෙවියන් භාර ගනිත්වා – ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ සතුට සමරති…

colombotoday