World

ඇමෙරිකාවේ සමූල ඝාතනයක්

ඇමෙරිකාවේ මේන් ජනපදයේ ලෙවිස්ටන් නුවර සිදුවුණු වෙඩි තැබීම්වලින් 22 ක් ජීවිතක්ෂයට පත් වී තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ.

තුවාල ලැබූන්ගෙන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් වාධ්‍ය වාර්තා කරයි.

එහිදි මියගිය පුද්ගලයින්ට අමතරව තවත් පුද්ගලයින් 60කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර එරට මාධ්‍ය පවසන්නේ, එම වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයාව මේ වනවිට හඳුනාගෙන ඇති බවය.

ඔහු රොබට් කාඩ් නම් පුද්ගලයෙකි.

ඔහු ගිනිඅවි උපදේශකයෙකු ලෙස හමුදාව මඟින් පුහුණු කළ අයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවද ලුවිස්ටන් පොලීසිය සඳහන් කළේය.

වෙඩි තැබීම සිදුවූයේ ‘බෝලිං’ ක්‍රීඩාගාරයක් Bowling Alley තුළ සහ ඊට නුදුරින් පිහිටි තවත් ස්ථානයකය.

Related posts

ස්කොට්ලන්තයේ ඉස්ලාම් සංස්කෘතික කේන්ද්‍රය ගිනිතබා විනාශ කෙරේ

colombotoday

මැකාෆී නිර්මාතෘ සිර මැදිරියකදී සියදිවි නසා ගනී

colombotoday

උද්‍යානයකදී තිදෙනෙක් ඝාතනය කළ ත්‍රස්ත සැකකරු බුද්ධි අංශ අවධානයෙන් රිංගා ගිහින්

colombotoday

100,000 ඉක්මවන අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින්

colombotoday

රැජිනගේ ඔටුන්නේ දියමන්තිය දකුණු අප්‍රිකානු දේශප්‍රේමීන් ආපසු ඉල්ලයි

colombotoday

ටයිටන් පිපිරීම ගැන අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විශේෂ විමර්ශනයක් අරඹයි

Admin