World

රාජ්‍ය රහස් පිට කළැයි ඉම්රාන්ට අධි චෝදනා ගොනු කෙරේ…

රාජ්‍ය රහස් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට අධි චෝදනා ගොනු කෙරුණු බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2018 වසරේ සිට පසුගිය 2022 අප්‍රේල් මාසය තෙක් ය.

ඉම්රාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ ඔහුට එරෙහිව විපක්ෂය ගෙනා විශ්වාසභංගයෙන් පරාජය වුණු බැවිනි.

තමන් ධුරයෙන් ඉවත් කිරීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ කුමන්ත්‍රණය කළේ යැයි ඉම්රාන් චෝදනා නගා තිබේ.

ඒ, ඇමෙරිකා රජය සහ පාකිස්තාන රජය අතරේ හුවමාරු වුණු රහාස්‍ය රාජ්‍ය තාන්ත්‍රික ලිපියක් ද ප්‍රසිද්ධියට පත් කරමිණි.

ඉම්රාන්ට අධිචෝදනා ගොනු කිරීම සිදුවී ඇත්තේ මෙම සිද්ධිය මුල්කොට ගනිමිනි.

Related posts

මිනිත්තුවකදී වේදනා රහිත මරණයක් ගෙනදෙන ‘සාකෝ’

colombotoday

සුවය පැතූ සැමට ස්තූතී – චාල්ස් රජු

Admin

සුඩාන අගමැති ඉවත්වෙයි

colombotoday

එවරස්ට් කඳු මුදුනෙත් කොවිඩ්

colombotoday

සේවයේ නියුතු කාන්තාවන්ට නිවාසවලට වී සිටින්නැයි, තලේබාන් සටන්කාමීන් දන්වයි

colombotoday

ඔස්ට්‍රේලියාවෙත් ටික්ටොක් තහනම් වෙයි

Admin