Colombo Today Local News

මව සහ පුතු ළිඳකට බිලිවෙයි

වාරියපොල වල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 06ක දරුවෙකු සහ එම දරුවාගේ මව ඔවුන්ගේ නිවස අසල ලිදකට වැටීමෙන් මියගොස් ඇති බව වාරියපොල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ආර්.එම්. කෝවිද සාරමිත් නමැති 06 හැවරදි පුතු සහ ඊ.එම්. ලක්මාලි වීරසිංහ 37 හැවරිදි මවයි.

අසල්වාසීන් පවසන්නේ මෙම දෙදෙනා ඊයේ (22) දහවල් 2.00 ට පමණ ස්නානය කිරීම සදහා ඔවුන්ගේ නිවසට මද දුරකින් ඇති වගා ලිදක් වෙත ගොස් ඇති බවයි. යම් හේතුවකින් ළිදට වැටුනු දරුවා බේරාගැනීමට මවත් ළිදට පනින්නට ඇතැයි පොලිසිය සැකකරයි.

දරුවාගේ පියා නාවික හමුදාවේ සේවය කරන අයෙකු වන අතර ඔහු දුර පළාතක සිටින බැවින් නිවසේ කල් ගෙවන්නේ මව සහ දරුවා පමණක් බවත් ඥාතීහු කියති. ඒ හේතුවෙන් ස්නානය සදහා ගිය මෙම දෙදෙනා පිළිබදව සොයා බැලීමට කිසිවෙකුත් නොමැති වූ බවද ප්‍රදේශවාසීහු පවසති.

මොවුන් දෙදෙනා නිවසේ නොමැති බව අසල්වාසීහු දැනගන්නා විට පස්වරු 6.00 ත් පසුවී තිබිණ. අනතුරුව මෙම ළිද අසල සෝදිසි කිරීමේ දී දරුවාගේ සහ මවගේ පාවහන් සහ ඇදුම් සොයාගෙන ඇත. පසුව පොලිසිය ද දැනුවත් කර ප්‍රදේශවාසීන් විසින් ළිද තුල සෝදිසි කිරීමේදී සිරුරු හමුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

රවී කරුණානායක හෙට පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තොත් කලබල වෙන්න එපා- අනුරාධ

colombotoday

මෛත්‍රී – මහින්ද හමුවක් අද පස්වරුවේ

colombotoday

සහරාන්ගේ කණ්ඩායමේ දෙවන පෙළ නායකයින් අල්ලනවාට බලපෑම්

colombotoday

ස්ථීරවම මේ වසරේ මැතිවරණයක් නෑ (Video)

colombotoday

රටට අහිතකර බිහිසුණු පනතක් පාර්ලිමේන්තුවට !!

colombotoday

ඉස්ලාම් වහාබ්වාදය සහ සංහිදියාව.. ඥාණසාර හිමි සමග ඉරාජ් කළ ආන්දෝලනාත්මක කතා බහ (Video)

colombotoday