Colombo Today Local News

කම්සැප විදින්න කෝටියක ත්‍රීවිල් උස්සලා

කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණ අසල නවතා තිබෙන තීරෝද රථ සොරාගෙන මුහුණු පොත හරහා ඉතා අඩු මුදලට අලෙවි කර කාන්තා ඇසුරු සඳහා මුදල් වැය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි.

සැකකරු මාස 8ක් තුළ රුපියල් කෝටියක් පමණ වටිනා තීරෝද රථ 21ක් සොරා ගෙන ඇති අතර එම තීරෝද රථවලින් හයක් සහ ඉතිරි තීරෝද රථවල සියලු කොටස් පොලීසිය මගින් සොයාගෙන ඇත.

තීරෝද රථයක් අඩු මුදලට විකිණීම සඳහා පුද්ගලයකු කිරිබත්ගොඩ ප්‍රදේශයට පැමිණ සිටින බවට දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාට ඔත්තුකරුවෙකු ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම සොරකම් වැල අනාවරණය වූ බව පොලිසිය පවසයි.

Related posts

යකඩ ගේට්ටුව කඩා වැටී අවුරුදු තුනක දරුවෙක් මිය යයි

Admin

සජිත් එජාප නියෝජ්‍ය නායකත්වයෙනුත් ඉවත් වෙයි

colombotoday

නුවරඑළිය මහ නගර සභා නාගරික මන්ත්‍රිගේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිනි තියලා

colombotoday

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin

ආගමික හිමිවරු සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත කරන්නේ නෑ- ඩලස්

colombotoday

ඇඳිරි නීතිය දැමු ප්‍රදේශවල වෙළදසැල් අද විවෘත කරයි

colombotoday