Colombo Today Local News

යුද්දයට මැදි වූ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

පලස්තීන සහ ඊශ්‍රායල වැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් නව ජනතා පෙරමුණ මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වි තිබේ.

එහිදී ත්‍රස්තවාදී ක්‍රියා නතර කිරීමට මෙන්ම දෙරටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට මැදහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විරෝධතාකරුවන් ඉල්ලා සිටියේය.

එසේම දෙරටේ සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කිරීමද නතර කිරීමටද මැදහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඔවුන් ඉල්ලීමක් කර ඇත.

පලස්තීනය සහ ඊශ්‍රායලය සඳහා දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකරන ලෙසද විරෝධතාකරුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී අති අතර ඉතා ඉක්මණින් මෙම ගැටලුවට මැදහත් වන ලෙස ජාත්‍යන්තර අධිකරණයෙන් විරෝධතාකරුවන් ඉල්ලීමක්ද කළේය.

Related posts

හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවතට

colombotoday

“අවසන් දිනය අදයි.. සේවයට නාවොත් වරායට නව සේවකයන්“ – වරාය ඇමති දන්වයි

colombotoday

දකුණේ වාහන බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවත්වයි

colombotoday

සවුදි අරාබි පිරිමින්ට රටවල් හතරකින් කාන්තාවන් විවාහ කර ගැනීම තහනම්

colombotoday

නවගමුව විහාරයේ සියළුම පිංකැටවලට මුද්‍රා තබයි

Admin

ඩොලරය ඉහළ යයි

Admin