Colombo Today Local News

“එංගලන්තෙ මහ රජ්ජුරුවො දුන්න පළාත් නමයට අප රණ්ඩුවෙන්න ඕන නෑ”.. විග්නේෂ්වරන් ළග තියාගෙන ජනපති කියයි

mithrepala
ශ්‍රී ලාංකිකයන් වශයෙන් ක්‍රීඩාවෙන් හා විවිධ ක්ෂේත්‍රවලි දක්ෂතා දැක්වූ ජාතියක් ලෙස පළාත් වශයෙන් බෙදී වෙන්වී කටයුතු නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

යාපනේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේ පැවති 27 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

“අපි සැමදේම කළ යුත්තේ එකම රටක් විදිහටයි. මේ පළාත් නමය අපට දුන්නේ මෙතන ඉන්න කවුරුත් නෙවෙයි. එංගලන්තේ මහ රජ්ජුරුවො. එනිසා එංගලන්තේ ජෝර්ජ් රජ්ජුරුවො දුන්න පළාත් නමයකට අපි රණ්ඩු වෙන්න ඕ නෑ“ යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය. මෙම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාද සහභාගී වී සිටියහ.

Related posts

බැසිල් රාජපක්ෂ ගේ නම මැතිවරණ කොමිසමට නම් කර යවයි.

colombotoday

විජයකලාගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට සහ අගමැතිට බාර දෙයි

colombotoday

එටිසලාට් – හරීන් මෙගාඩීල් එක තව පියවරක් ඉදිරියට.. සේවකයන් 300ක් හොරපාරෙන් දොට්ට දමයි

colombotoday

පාන්, බනිස් ඇතුළු පිටි කෑම රුපියල් පහකින් ඉහළට…

colombotoday

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

colombotoday

සෑම මසකට වරක්ම පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීමට හමුවක්

colombotoday