Colombo Today Local News

බෙහෙත් ගන්න ගිය පුද්ගලයෙකුට මහ මඟදී අලියෙක් ගහලා

හම්බන්තොට මහ රෝහලට බෙහෙත් ගැනීමට උදෑසනින් මහ මඟට පැමිණි පුද්ගලයෙකුට වල් අලියෙක් පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි.

ලුණුගම්වෙහෙර මත්තල අලුත්ගම් ආර ප්‍රදේශයේදී අද (28) අලුයම වල් අලි පහර දීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේජේ ඒ ගුණදාස නම් 69හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය කියයි.

හම්බන්තොට මහ රෝහලට උදෑසනෙන් යෑම සඳහා බස් රථයට ගොඩවීමට ප්‍රධාන මාර්ගයට පැමිණෙමින් සිටියදී අලුයම් කාලයේදී වල් අලි යා පහරදී ඇති අතර පහර දීමෙන් මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවද පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.

Related posts

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් අවසන්

Admin

එන සතියේ මහ පෙරළියක් සිදුවන බව ජනපති කියයි

colombotoday

ජනපති මාධ්‍ය අංශයේ තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ කෝටි ගණනක් වටිනා තාක්ෂණ උපකරණ අතුරුදන් – වහාම සොයන්නැයි ජනපති නියෝග කරයි !

colombotoday

එරොෆ්ලොට් ගුවන් යානයට එරෙහි වාරණ නියෝගය අත්හිටුවයි

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ 139ක් හදුනාගනී…

colombotoday

ජනපති වාර්තාවක් තියයි.. වෙබ් අඩවිවලටත් රතු එළි දල්වයි !

colombotoday