Colombo Today Local News

ඝාතනයකට සූදානම්ව සිටි හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් ආයුධ සමග අල්ලයි

පාතාල කල්ලි නායකයෙකු වන “හීනටියන මහේෂ්ගේ” ගෝලයෙක්ව ආයුධත් සමග කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

“යුක්තිය” මෙහෙයුම යටතේ සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඝාතනයක් සඳහා සූදානම්ව සිටි බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව මිලිමීටර් නවය වර්ගයේ ජීව උණ්ඩ 05ක් හමුවී තිබේ.

එහිදී පොලීසිය සිදුකළ වැඩිදුර ප්‍රශ්න හමුවේ ඔහු ‘හීනටියන මහේෂ්ගේ’ ගෝලයෙකු බවටත් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලැබී තිබුණු බවත් හෙළිදරව් වී ඇත.

මීට අමතරව ඝාතනය කිරීම සඳහා භාවිතයට ගැනීමට සුදානමින් තිබූ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් හා තවත් ජීව උණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

Related posts

රජයේ සේවකයන් ගන්න පඩියට වැඩ නෑ – රවී කරුණානායක ජනතාව ගැන හිතයි

Admin

දෙදරු මව මරා සිරුරේ කොටස් පෝර මල්ලක දැමූ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday

IMF කොන්දේසියක් මත සොරකම් කළ වත්කම් අය කරගන්න දූෂණය මැඩලීමේ පනතක්

Admin

ඩෙංගු නිහඩ කළ සිංහල කොල්ලා

colombotoday

ඉඩමට විඳින්න රුපවාහිනී අභ්‍යාස ආයතනය වසා දැමීමට යයි

colombotoday

ත්‍රිකුණාමලයේ ඇති ඉන්දියානු රාජ්‍ය බැංකුවේ පස්වන ශාඛාව විවෘත කෙරේ..

Admin