Colombo Today Local News

කුඩු වික්ක සැකකරුවෙකුගේ කෝටි 10ක වත්කම් විමර්ශන නිලධාරීන් භාරයට

මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකුට අයත් කහතුඩුව මූණමලේවත්ත ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් කෝටි දහයකට ආසන්න වටිනාකමින් යුත් දේපොළ තම භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

ලද තොරතුරු මත සිදුකළ විමර්ශණයේදී මෙම දේපොළ උපයා ගත් ආකාරය පිළිබදව හෙළිදරව් කිරීමට අදාළ නිවසේ හිමිකාරිය අසමත් වූ බැවින් එම කාන්තාව ද අත්අඩංගුවට ගත් බව එම කොට්ඨාසය පවසයි.

ඒ අනුව, කහතුඩුව මූණමලේවත්ත ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක්, සූඛෝපභෝගී මෝටර් රථයක්, ඉඩම් දෙකක් සහ කිරිවත්තුඩුව ඉරිදාපොළ ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් ද තම භාරයට ගත් බව එම ඒකකය පැවසීය.

මෙම දේපොළවල හිමිකරු බව කියන බන්ධනාගාර ගතව සිටින රැඳවියා යුධ හමුදා සේවයේ යෙදී සිට ඇති බවත් එහිදී ඇතිවූ ගැටලුවක් මත වැඩතහනමට ලක්වී පෙදරේරු රැකියාවක නිරතව සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම් කර කෙටි කාලයක් තුළදී මෙම දේපොළ උපයාගෙන ඇති බවට කරුණු අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කරයි.

Related posts

නෝ(ර්)වුඩ් ප්‍රා. ස සභාපති අත්අඩංගුවට

colombotoday

දුරකතන, අන්තර්ජාල හා මුදල් ගෙවා නරඹන රූපවාහිනි සේවා ගාස්තු අද සිට ඉහළට..

colombotoday

ත්‍රිපිටකය ජාතික උරුමයක් කරන හෙට දින සෑම නිවසකම බෞද්ධ කොඩිය ඔස්වන්න – ජනපති කාර්යාලයෙන් ඉල්ලීමක්

colombotoday

ඡන්ද විමසීම අවසන් – ගණන් කිරීම අරඹයි

colombotoday

ප‍්‍රදේශ කිහිපයක් හැර මුළු රටම කොරෝනා අධි අවදානම සහිත රතු කලාපයක්

colombotoday

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාවේ තවත් ඉහළට

colombotoday