Colombo Today Local News

පොහොට්ටුවේ මහ සම්මේලනය අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනය අද (15)දින පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ සඳහා පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගීවීමට ද නියමිතව ඇත.

අද පස්වරු 2.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පක්ෂ සම්මේලනය පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ලබන වසර මැතිවරණ වර්ෂයක් හෙයින් ඒ සඳහා පක්ෂය ශක්තිමත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙවර සම්මේලනය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කළේය.

Related posts

‘ලීවොත් දඩුවම මරණයයි’ දිවයින කතෘ අනුර සොලමන්ට දිගින් දිගටම මරණ තර්ජන

colombotoday

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරයි.. නව කැබිනට් මණ්ඩලයක් සහිත නව සැසිවාරය මැයි 8

colombotoday

දංකොටුවේ නිවසක් තුල කාන්තාවක් ඝාතනය කරයි

Admin

විශ්වාසභංගය අස්සේ හිටපු ඇමති රෝහිතගේ අල්ලස් නඩුවට වෙච්ච දේ…

colombotoday

“මේ NGOකාරයෝ එදා හිටියානම් දේවානම්පියතිස්ස රජුට ථූපාරාමය හදන්න වෙන්නෙත් නෑ” දරණාගම කුසලධම්ම හිමි

colombotoday

වැල්ලවත්තේ කඩ පේළියක ගින්නක්

colombotoday