Colombo Today Local News

අභිරහස් ලෙස මියගිය කාත්නාවකගේ මළ සිරුරක්

අභිරහස් ලෙස මියගිය කාත්නාවකගේ මළ සිරුරක් පොලිසිය සොයාගෙන තිබේ.

පොලිසිය පවසන්නේ අදාළ මළසිරුර හොරොව්පතාන නිකවැව ප්‍රදේශයේ තිබී හමුවී ඇති බවය.

උස අඩි 05යි අඟල් 09ක් පමණ වන මෙම කාන්තාව අවුරුදු 55ත් 60ත් අතර වයයේ පසුවන බව පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව නිකවැව කැලෑබද ප්‍රදේශයක තිබී මළසිරුර සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර ඇත.

අදාළ කාන්තාව මේ වනතෙක් හඳුනාගෙන නොමැති අතර සිරුර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

හොරොව්පතාන පොලිසිය මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

කුරුණෑගල නගරධිපතිගේ රිට් පෙත්සම විභාගයට නොගෙනම විසි වෙයි

Admin

‘දියවන්නාවේ කොඩිවිනය හතර වැනිදට කපනවා.’- ඇමති ඩිලාන්

colombotoday

පිටිපන තාක්‍ෂණ පීඨය මහින්ද විවෘත කලාට ඒක කලේ මම- චම්පික

colombotoday

මාකදුරේ මදූෂ් හෙරොයින් සමග කොටුවූ අවස්ථාව… ඩුබායි හිටියොත් මරණ දඩුවම… ලංකාවට ගෙනාවොත් ඇප?

colombotoday

වෛද්‍යවරු සයිටම් අවසන් සටනට සැරසෙයි !

colombotoday

සුදු නිළ ඇදුමට ආයුබෝවන්… පාසල් සිසුන්ට පාට පාට නිළ ඇදුම් !

colombotoday