Colombo Today Local News

මට්ටක්කුලියේදී ඇල්ලු මත්ද්‍රව්‍ය ජාවාරමක මහමොළ කරු ඉන්දියාවේ | සංවිධානාත්මකව මත්ද්‍රව්‍ය බෙදා හරින බවට අනාවරණයක්

විශේෂ කාර්ය බලකාය මගින් ගෙවුණු පැය 24 තුළ විශේෂ වැටලීම් කිහිපයක් සිදු කර තිබේ.

එහිදී ත්‍රිරෝද රථයක් ආධාරයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙක් මට්ටක්කුලිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරම මහමොළ කරු ඉන්දියාවේ සිට මෙය මෙහෙයවන බවත් කාලාන්තරයක සිට කොළඹ හා තදාසන්න ප්‍රදේශ වෙත ඉතා සංවිධානාත්මකව අයිස් සහ හෙරොයින් බෙදා හරින බවටත් අනාවරණය වී තිබේ.

එමෙන්ම ත්‍රිකුණාමලය උප්පවේලි පොලිස් වසමේදී කේරළ ගංජා සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තැනැත්තා ත්‍රිකුණාමලයේ කුට්ටි පුලි නැමැති මැර කණ්ඩායමේ නායකයාගේ පුතා බවට අනාවරණය වී තිබේ.

Related posts

මාළු ටැංකියකට වැටී දරුවෙකු මරුට

colombotoday

මවයි දුවයි දිය රකුසා බිලි ගනී

colombotoday

පැණී බීමට වඩා බියර් එකක් බොන එක ගුණයි – මංගල

colombotoday

තමිල්නාඩුවේ ඥාතීන්ට උතුරෙන් යැවූ ගංවතුර ආධාර ඉන්දියාව එපා කියයි.. මුරලිගේ සංගාගේ ආධාරත් වැට උඩ

colombotoday

නවසීලන්තයෙත් රජයට එරෙහිව විරෝධතා

colombotoday

ලබන වසරේ පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බවට කරන ප්‍රකාශ අසත්‍යයි – ඇමති කංචන

Admin