Colombo Today Local News

පොහොර බෑගයක් තුළ සිහිසුන්ව සිටි තරුණයෙක් රෝහලට ඇතුළත් කරයි

දඹුල්ල නගරයේ පොහොර බෑගයක් තුළ සිහිසුන්ව සිටි තරුණයෙකු අද (22)දින උදෑසන දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

නගරයේ වෙළඳසැලක් ඉදිරිපිට පොහොර බෑගයක පුද්ගලයකු සිටින බවට දැක ඇති අයෙක් මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී ඇත. අනතුරුව තරුණයාව නගරවාසීන් සහ පොලිසිය එක්ව රෝහලට ඇතුලත් කර තිබේ.

එම තරුණයා මාවතගම ප්‍රදේශයේ පදිංචි ගාමිණී දිසානායක නැමැත්තෙකු බවට අනන්‍යතාව තහවුරු කර ගැනීමට හැකි වූ බව වාර්තාවේ.

එම පුද්ගලයා කුමන කාරණයක් සඳහා දඹුල්ලට පැමිණියේ ද, සහ කුමක් හෝ කරදරයක පැටලී ඇද්ද යන්න සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් තවමත් අනාවරණය වී නොමැත.

Related posts

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ තරුණයෙකු මහරගමදී අත්අඩංගුවට

colombotoday

උසස්පෙල උත්තරපත්‍ර සමීක්ශන පිලිබද තීරණයක්

Admin

අවුරුද්දට අඩු ආදායම් ලාභීන්ට ආණ්ඩුවෙන් 5000 ක දීමනාවක්

colombotoday

කෝටි 243 ක ගනුදෙනුවට විරුද්ධ වුණාට මට තනතුර අහිමි කළා

colombotoday

මාලිගාවත්තේ මනුෂ්‍ය ඝාතනයකට සැකපිට 6ක් අත්අඩංගුවේ

Admin

ගල්ගමුවේ නිවසක් තුළ මළ සිරුරු 03 ක්

colombotoday