Colombo Today Local News

දැන් මේ රට පාලනය කරන්නේ ඩයස්පොරාව ඇතුළු බටහිර ඒජන්තයෝ.. ආඩි හත්දෙනාගේ කැඳහැළිය යථාර්තයත් වෙලා

medagoda-abhayatissa-himiගමේ ගොවිතැන් බත කරන්න. රබර් කිරි කපන්න, දලු ටික කඩන්න කෙනෙක් නැහැ. අද ගමේ මිනිස්සුන්ටත් ඒවා විශ්වාස නැහැ. අද ගමේ තරුණ තරුණියෝ ත්‍රීවීලර් එකටයි ගාමන්ට් ෆැක්ටරියටයි පැක් වෙලා ඉවර බව පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

අද අපේ ගැහැනු දරුවෝ උසස් අධ්‍යාපනය තමන්ගේ දක්ෂතා කුසලතාවලට වඩා විශ්වාස කරන්නේ ගාමන්ට් රස්සවයි. මේ හරහා සිංහල බෞද්ධයෝ දුගී ජාතියක් බවට පත් වෙලා තියෙනවා. දුගී ජාතියක් බවට පත් වුණාම ආක්‍රමණිකයන්ට අපේ රට මංකොල්ල කන්න තියෙන අවස්ථාව වැඩියි. ජනවාරි 08 වෙනිදා යහපාලනය කියලා රවටා ගත්තේ මෙන්න මේ දුගී දුප්පත්කමයි.

ඉත්තෑපාන, ගලතර කරපාගල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපිත කර අද පූජා සඳහා ජනතාවට අවස්ථාව උදා කිරීමෙන් පසුව පෙරේදා පැවැති උත්සව සභාව අමතමින් උන්වහන්සේ ඒ බව පැවසූහ. මැදගොඩ අභයතිස්ස හිමියෝ එහිදී මෙසේද පැවසූහ.

අද මේ රට පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ හෝ මෛත්‍රීපාල සිරිසේනවත් ‍නෙවෙයි. අද මේ රට පාලනය කරන්නේ ඩයස්‍පෝරාව ඇතුළු බටහිර ඒජන්තයෝ සහ එවැනි සංවිධානයි. පසුගිය ඡන්ද කාලෙ වෙළෙඳ දැන්වීමක් ගියා සුප් එකක් හදනවා. ඒකට එක එක අය විවිධ ද්‍රව්‍ය දානවා. ආ¾ඩි හත්දෙනාගේ කැඳහැළිය යථාර්ථයක් බවට අද පත්ව තිබෙනවා.

සිංහල බෞද්ධයාගේ තිබුණු දුගී දුප්පත්කම ජනවාරි 08 වැනිදා යහපාලනය කියන වචනයෙන් රවට්ටා ගත්තා. වයිෆයි නොමිලයේ දෙනවා කිව්වා. මිනිසුන්ට ආර්ථික ශක්තිය තිබුණා නම් ඔය මොනවත් නොමිලයේ අවශ්‍ය නැහැ. අපේ තරුණයින්ට බේ්‍රස්ලට් ගැන සුරංගනා කතා කිව්වා. මේ දේවල්වලට අපේ මිනිස්සු රැවටිලා මේ රටේ තිබුණු ස්වෛරීත්වය, සිංහලයාගේ, බෞද්ධයාගේ අභිමානය පාවා දුන්නා. මේ රටේ තරුණයෝ ජිවිත පරිත්‍යාගයෙන් බේරාගත් රට අධිරාජ්‍යවාදීන්ට පවරා දුන්නා.

අද ගම්වල කුඹුරු යායවල් පාළු වෙලා ගිහිල්ලා. ඒවා දැක්කම දුක හිතෙනවා. ඉස්සර ගම්වල මිනිස්සු මහන්සි වෙලා වැඩ කළා. අද වැඩ කරන්න මිනිස්සු නැහැ. හවස හය හත වෙනකොට මිනිස්සු යන්නේ සිග්සැග් ක්‍රමයටයි. දුරාචාරය ඒ තරමට පැතිර ගොස් තිබෙනවා. ත්‍රීවීලර් වැඩේ නිසා අපේ රටේ ග්‍රාමීය සමාජයම විනාශයට පත්ව තිබෙනවා. ත්‍රීවීලර් මහත්වරු තරහ වෙන්න එපා. නමුත් තරුණයෝ ලක්ෂ තුනහතරක් දිනපතා හන්දිගානේ ත්‍රීවීලර්වල රස්තියාදු වෙනවා. රටේ වටිනාකම තරුණ සම්පත ත්‍රීවීලර්වලට නාකි වෙනවා. ඒ ත්‍රීවීලර් එක්ක ගණිකා ව්‍යාපාරයත් මත්ද්‍රව්‍ය ජාවාරමත් බැඳිලා තියෙනවා.

සිංහලයාට, බෞද්ධයාට හැමදාමත් මේ රටේ අභියෝග තිබුණා. අපට එදා අනුරාධපුරයෙන් ‍පොළොන්නරුවට යන්න වුණෙත් මේ අභියෝග නිසයි. ඊට පසු කෝට්ටේට ආදී වශයෙන් රාජධානි මාරු කළේ ඒ අභියෝග නිසයි. නමුත් ඒ අභියෝග ඉදිරියේ සිංහලයා රාජ්‍ය ස්ථාන මාරු කළාට රට තවත් කෙනෙකුට යටත් කළේ නැහැ. එසේ යටත් කිරීමට නොහැකි වුණේ අපව කඩන්න, බෙදන්න බැරි සංස්කෘතියක් අපට තිබුණු නිසයි.

දිගු කාලයක සිටම සිංහලයා පන්සලෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණය දියත් වෙමින් තිබෙනවා. පන්ස‍ලේ තිබුණු ආයුර්වේදය, වෙද හාමුදුරුවන් පන්සලෙන් ඉවත් කළා. පන්ස‍ලේ අධ්‍යාපනය නීති අණපනත් මගින්ම තහනම් කළා. ‍ජ්‍යොතිර් විද්‍යාව, වාස්තු විද්‍යාව, පන්සලෙන් ඉවත් කළා. මරණාධාර රැස්වීම, සුබසාධක රැස්වීම තිබුණේ පන්සලෙයි. ක්‍රමයෙන් ඒකත් ඉවත් කරන්න ගමේ ප්‍රජා ශාලා ගැහුවා. අන්තිමට පන්සල ගමෙන් යැපෙන ස්ථානයක් බවට පත් කළා. පන්සලෙන් ගමට සේවයක් නැති තැනට පත් කරමින් තිබෙනවා.

Related posts

ආනයනික කරවල, හාල්මැස්සන්, පළතුරු වල බැර ලෝහ සහ ආසනික්

Admin

විදුලි අර්බුදය දින දහයකින් නිමයි…

colombotoday

ආපදා සහන දෙන්න, ජාත්‍යන්තර සමුළුවක් කැදවා ආධාර ඉල්ලන්න යයි !

colombotoday

සමෘද්ධිලාභී හැම පවුලකටම සූර්ය පැනලයක්… රු 3500ක මාසික ආදායමක් සමග ජාතියට විදුලිය

colombotoday

පක්ෂ විපක්ෂ මුස්ලිම් දේශපාලකයන් බදුර්දීන්ගේ සහයට එකම වේදිකාවක (Video)

colombotoday

සුසිල්ගේ තැන වැඩ බලන්න බන්දුලට දෙයි

colombotoday