Colombo Today Local News

ව්‍යාපෘති සඳහා එවන නිලධාරීන් ගැන ආරක්ෂක අංශ සොයා බැලීම් නවත්තන්නැයි රජයට අනතුරු ඇඟවීමක්

ජාත්‍යන්තර සංවර්ධන සඳහා ඇමෙරිකානු කාර්යාංශයේ (යූ.එස්.ඒඩ්) මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති සඳහා එවන නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් ගැන අධීක්ෂණය කරන්නට ගියහොත් මින් ඉදිරියට මෙරටට ලබාදෙන ආධාර නවත්වන බව ශ්‍රී ලංකා රජයට අනතුරු හඟවා ඇත.

තවදුරටත් එම කටයුතුවල නිරතවන ඇමරිකානුවන් ගැන මෙරට ආරක්ෂක අංශ මගින් සොයා බැලීම් වහාම නවත්වන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව එම අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරියකු පුවත්පතකට පවසා තිබේ.

මෙම බලපෑම හේතුවෙන් තවදුරටත් වීසා ලබානොදී මෙරටින් යැවීමට සිටි එම සංවිධානයේ ඇමරිකානු නිලධාරියකුට තවත් වසරක් මෙරට රැඳී සිටීමට පසුගිය සතියේ වීසා ලබා දී ඇත. මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ හෝ විදේශ අමාත්‍යාංශයේ දැනුවත් කිරීමකින් තොරව මෙරටට පැමිණ සිටි mark Birnboum නමැති ඇමරිකානු හමුදා නිලධාරියකුට මීට මාස කිහිපයකට පෙර වීසා දීර්ඝ නොකර රටින් පිටව යාමට උපදෙස් දී තිබිණි.

මෙම ඇමරිකානු හමුදා නිලධාරියා ලංකාවට පැමිණීමට පෙර රාජ්‍ය යාන්ත්‍රණය අවුල් සහගත තත්ත්වයට පත් කරමින් මියන්මාරයේ සේවය කර ඇති බවත් මොහු සමග ඇමරිකානු හමුදාවේ සේවය කළ නිලධාරීන් කිහිපදෙනකුම රහසිගතව මෙරටට ඇතුළු වී ඇතැයි ඉහළ පෙළේ විමර්ශනයක දී තහවුරු වි ඇත.

ආරක්ෂක අමාත්‍යාංශයට නිරීක්ෂණය නොවන අයුරින් මෙම නිලධාරීන් වීසා ලබාගෙන ඇත්තේ පසුගිය රජය සමයේ අධිකරණ අමාත්‍යාංශය සමග ඇතිකරගත් එකඟතාවයක් පදනම් කරගෙන බව එම විමර්ශනයේ දී අනාවරණය වි තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් රාජා ගුණරත්න මේ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයට කරන ලද පැමිණිල්ලක් මත විශේෂ විමර්ශනයක් ද ඇරැඹීය.

තවදුරටත් මෙරට රැඳී සිටීමට වීසා දීර්ඝ කිරීමට නම් යූ.එස්.ඒඩ්. නිලධාරියාට කොන්දේසි මාලාවක් මෙරටින් ඉදිරිපත් කර තිබූ අතර එය ඉටු නොකර රාජ්‍ය ත්‍රාන්තික බලපෑමකින් වසරකට වීසා දීර්ඝ කරගැනීම පසුගිය සතියේ කටයුතු කර ඇත. මෙරටට විදෙස් ආධාර හා ප්‍රධාන තවදුරටත් ලබානොදන බවට අනතුරු හඟවා මෙම වීසා දීර්ඝය ලබාගෙන ඇත.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්..

colombotoday

නුගේගොඩ බොදු සමුළුව අමතා ඥානසාර හිමි සිදුකල සම්පුර්ණ දේශනය

colombotoday

LTTE යැයි අත්අඩංගුවේ සිටින පුද්ගලයින් නිදහස් කිරීම “කලයුත්තක්”.. ජනාධිපති ඉන්නෙත් ඒ මතයේමයි.

colombotoday

රට ලස්සන කරන්න චිත්‍ර අදින තරුණයන්ට ජනපතිගෙන් පැසසුම් !

colombotoday

ආණ්ඩුවේ අලුත් මහානායක තුන් කට්ටුව මෙන්න.. මහා සංඝ භේද කුමන්ත්‍රණයක් !

colombotoday

වෙඩික්කරුවෙකුට ආධාර අනුබල දුන් අයෙක් අල්ලයි

Admin