Colombo Today Local News

බීමත් රියැදුරන් අල්ලන විශේෂ උපකරණක් ළඟදීම

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නවා සේම, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියැදුරන් ද අත්අඩංගුවට ගැනීම සඳහා ද ඉදිරියේදී දීපව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.

මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති සාකච්ඡාවකදී ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ කඩිනමින් මිලදී ගැනීම සඳහා තීරණය වී තිබේ.

ඒ අනුව අදාළ උපකරණ කඩිනමින් මිලදී ගත් වහාම රට පුරා දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අදාළ සාකච්ඡාවේදී තීරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයින් පරීක්ෂා කිරීම සඳහා දැනට මෙරට තුළ සීමිත උපකරණ සංඛ්‍යාවක් පමණක් ඇති බවයි.

වසරකට පොලිස් මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගන්නා බීමත් රියැදුරන් ලක්ෂයකට ආසන්න වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, කිසියම් පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය හෝ මත් පැන් භාවිත කර රිය පැදවුවහොත් එකී වරදට රුපියල් 25, 000ක දඩයක්, සිර දඬුවමක්, රිය බලපත්‍රය අවලංගු කිරීමක් හෝ බලපත්‍රය අත්හිටුවීම ආදි දඬුවම් නියම කිරීමට අධිකරණයට හැකියාව පවතින බවයි.

Related posts

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 27 වනදා ඇඹෙයි

Admin

ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 70ක බීඩි කොළ තොගයක් වෙරළේ දමාගිහින්

colombotoday

ප්‍රබල අකුණු ගැන අවධානයෙන් ඉන්න

Admin

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

colombotoday

සිසුන් බඳවා ගැනීම නවත්වන්නේ නෑ.. සයිටම් රජයේ තීරණයටත් උඩින් යයි !

colombotoday

මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන්නැයි හෙළ උරුමය රතන හිමියන්ට දන්වයි

colombotoday