Colombo Today Local News

සිසුන් බඳවා ගැනීම නවත්වන්නේ නෑ.. සයිටම් රජයේ තීරණයටත් උඩින් යයි !

මාස හයක් යන තුරු මාලබේ සයිටම් ආයතනයට ශිෂ්‍යයන් බඳවා ගැනීම නැවැත්වීමට කර ඇති යෝජනාවට ගැන උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග කිට්ටුවෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත්, ඒ වනතුරු ශිෂ්‍යයන් බඳවා ගැනීම දිගටම සිදු කරන බවත් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

සිසුන්ට හොඳ අධ්‍යාපනයක් දීමේ අරමුණෙන් තම ආයතනයේ ආචාර්යවරුන්ට විශාල වැටුපක් ගෙවන බව ද, සයිටම් වෛද්‍ය විද්‍යාලයයට ශිෂ්‍යයන් බඳවා නොගත්තොත් මහාචාර්යවරුන්ට වැටුප් ගෙවීමට මුදල් නැතිව යන බව ද නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය.

තම ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා ගත්තේ එක් විෂයක් සඳහා රුපියල් 50,000 බැගින් මුදල් ගෙවා යැයි කී ප්‍රනාන්දු මහතා උපාධිය ගත් සිසුන්ට යළි සායනික පුහුණුව දීමට ඔවුන් එකඟ නොවන බව ප්‍රකාශ කළේයැයි ද අවධාරණය කළේය.

උසාවි නියෝග අනුව සයිටම් වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොකළහොත් උසාවියට අපහාස කිරීම යටතේ එම සිසුන් අධිකරණයට යනු ඇති බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පැවසීය.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අලුතින් සිසුන් ගැනීම මාස හයක කාලයක අත්හිටුවීමට යෝජනා කිරීමට සහ ඉන් පිටව යන සිසුන්ට සායනික පුහුණුවකින් පසු වෛද්‍ය සභාවෙන් පවත්වන විභාගයකට පෙනී සිටීමට යෝජනා කිරීමට වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය අතර පැවැති සාකච්ඡාවකදී තීරණය විය.

Related posts

මෛත්‍රීට ගෑවුන එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා… මෛත්‍රී වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කෑ එවුන් !

colombotoday

ලංකාවට අහිමිවූ රුසියානු තේ වෙළදපොල අල්ලන්න කෙන්යාව බරටම වැඩ

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොවිඩ්

colombotoday

දුරකථන, සෞඛ්‍ය සේවා ගාස්තු ඉහළට.. වැඩි වූ වැට් බද්ද, දූෂණ බද්ද ලෙස නම් කරයි

colombotoday

ඇමති ජගත්ගේ පුටුවේ නම කපලා වෙන කාටද දීලා… ඇමති වේදිකාවේ ආවේගශීලී වෙයි

colombotoday

දේශපාලන වියවුල මැද ඩොලරය පිම්මේ නගී… ඉතිහාසයේ වැඩිම අගය අද වාර්තා කරයි…

colombotoday