Colombo Today Local News

අධිවේගී මාර්ගයේ බස්නාහිරින් පිටවීමේ දොරටුවලදීත් අහඹු කොරෝනා පරීක්ෂණ

අධිවේගී මාර්ගයේ බස්නාහිර පළාතෙන් පිටවීමේ දොරටුවලදි අහඹු කොරෝනා පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කර තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පළාත් බලධාරීන් විසින් තෝරා ගත් පිටවීමේ දොරටුවලදී මෙම අහඹු පරීක්ෂණ සිදු කරනු ඇති බවයි.

රථවාහන අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමෙන් පසු මග නවතා අහඹු පරීක්ෂණ සිදු කිරීම ප්‍රා‌යෝගික නොවන බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීම ආරම්භ වූයේ, පසුගිය 18 වැනිදා සිටයි.

එදින බස්නාහිර පළාතෙන් පිටතට යාමට සූදානම්වූවන් අතරින් 431 දෙනෙකු අහඹු ලෙස පරීක්ෂාවට ලක් කළ අතරින් ඉන් 5 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනිණ.

ජංගම පරීක්ෂක ස්ථාන යොදවා මෙම පරීක්ෂණ සිදු කරන අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22)දින පැවසුවේ, ප්‍රධාන මාර්ග ආශ්‍රිතව අහඹු පරීක්ෂණ සිදු කරන ස්ථාන ඉදිරියේදී වෙනස් කරමින් පරීක්ෂණ සිදු කරන බවයි.

Related posts

මොදි ගේ ආරක්ෂාවට පොලිසියෙන් 6000ක්

colombotoday

මහ සයුරේ දැවැන්තයෙක් මගීන් 1176ක් රැගෙන මාගම්පුර වරායට

colombotoday

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක්

Admin

ඇෆ්ගනිස්තානය සමග සටන අද

Admin

තෙල් ටැංකි 98ත් සමග ත්‍රිකුණාමලයේ අක්කර එකොළොස්දාහක් ඉන්දියාවට !!

colombotoday

බර අඩු පාන් සදහා අද සිට මෙහෙයුම්

Admin