Colombo Today Local News

උතුරේ බෞද්ධ විහාරස්ථානවලට තර්ජණ උග්‍ර වේ.. ජනපති නිහඩයි !

fdd3232කිළිනොච්චියේ බුදු පිළිම කැඩීම සම්බන්ධව වහා නීතිය ක්‍රියාත්මක කරන්නැයි හෙල බොදු සවිය සංවිධානය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

එම සංවිධානයේ සභාපති බුදුගල ජිනංවංස හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති මන්දිරය, කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

කිළිනොච්චියේ බුදු පිළිම කැඩීම සම්බන්ධව වහා නීතිය ක්‍රියාත්මක කරන්න.

ආගමික හා ජාතික සංහිඳයාව වර්ධන වෙමින් පවතින මේ යුගයේ යුදහමුදාව විසින් ස්ථාපිත කරන ලද යාපනය-මහනුවර ඒ 09 මාර්ගයේ කනගරායන්කුලම ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා කඩා දැමීම පිළිබඳ ඇසිමෙන් අපි බලවත් සංවේගයට පත් වුනෙමු. ජාතික සංඝ සම්මේලනය ලෙසත් හෙළ බොදු සවිය ලෙසත් ඔබතුමන් බලයට ගෙන ඒ මට වෙහෙස වුයේ මෙවැනි තත්ත්වයක් උදාවනු දැක්ම නොවන බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුය. පසුගිය කාලය තුළ එනම් යහපාලන ආණ්ඩුව තුළ බෞද්ධයන්ට එරෙහිව සිදු වූ සිදුවීම් කිහිපයක් ඔබතුමාගේ දැන ගැනීමට සිහිපත් කරමි.

  1. මෙම බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමේ ක්‍රියාව යාපනය නාගදීප විහාරයේ හිටිවන බුදු පිළිම වහන්සේ ඉදිකිරීමට උතුරු පළාත් සභාවෙන් හා පරිපාලනයෙන් බාධා කිරීම.
  2. යාපනයේ නාවක්කුලි ගම්මානයේ පදිංචි සිංහල ජනතාවට වන්දනා මාන කිරීම සඳහා ඉදිකරගත් බුද්ධ ප්‍රතිමා වහන්සේට එල්ලවූ බෝම්බ ප්‍රහාරය.
  1. වැලි ඔය කෝකිලායි ගම්මානයේ සම්බෝධි විහාරයේ බුදු පිළිම වහන්සේ ඉදිරිකිරීමට එල්ලවී ඇති විරෝධය හා උතුරේ කීප වතාවකදීම විහාරස්ථාන ඉදිකිරීමට විරුද්ධව පෙළපාලි හා විරෝධතා දැක්වීම.
  1. යාපනය මහනුවර ඒ9 මාර්ගයේ කනගරායන්කුලම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති බුදුපිළිම දෙකක් 2016-08-29 වන දා විනාශ කිරීම.

ඓතිහාසිකව හා පුරාවිද්‍යාත්මක සාක්ෂි පිරික්සිමේදීද සමස්ත යාපනය පුරාම බොදු පසුබිමක අයිතිය තහවුරු කරයි. එසේ වුවද වර්තමානයේ යාපනයේ කිසිඳු ජනකොටසකට ආගම ඇදහීම හා විශ්වාස කිරීමේ බාධාවක් පැවතීම අපි පිළිනොගන්නෙමු. රටේ අනිකුත් ප්‍රදේශවල ද එසේමය. මෙම රජය නිතර පවසන සහජීවනය හා සංහිඳියාව මෙය ද? එය සිංහල බෞද්ධයන්ට පමණක්ද? කුමන රජයක් හෝ සිංහල බෞද්ධයන්ගේ ඉවසීම අවතක්සේරු නොකළ යුතු බව අප අවධාරණය කර සිටිමු.

යුද්ධයෙන් පසුව උතුරු හා නැගෙනහිර දෙපළාතේ මුස්ලිම් පල්ලි, කතෝලික ක්‍රිස්තියානි පල්ලි හා හින්දු කෝවිල් වැනි ආගමික මධ්‍යස්ථාන අපමණ ප්‍රමාණයක් ඉදිකර තිබෙද්දීත් සදාචාර විරෝධි ලෙස බුද්ධ ප්‍රතිමාව විනාශ කිරීම පිළිබඳව සොයා බලා නැවත එම ස්ථානයේ බුදුපිළිමවහන්සේ ස්ථාපිත කිරිමට කටයුතු කරන ලෙසත් වැරදි කළ අයට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

සසුන්ලැදි,

ශාස්ත්‍රවේදී බුදුගල ජිනංවංස හිමි
සභාපති

Related posts

දරුවාගේ පාසලට යමින් සිටි කාන්තාවකට වන අලි ප්‍රහාරයක්.

colombotoday

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ගැන සේවකයින්ට දැනුම්දීමක්

Admin

කණ්ඩායම් වගකීම චරිත්ට

Admin

“මහේන්ද්‍රන් හොරෙක් නෙවෙයි.. හොරෙක් කීම ජාතික අපරාධයක්.. කෝප් වාර්තා වැඩක් නෑ“ කිරිඇල්ල

colombotoday

ඡන්ද ගණන් කිරීම ඇරඹේ.. 60-70% ප්‍රතිශතයක් ඡන්ද ප්‍රකාශ කරයි.. ප්‍රතිඵල නිකුත් කරන පිළිවෙල මෙන්න

colombotoday

පොලිසියෙන් අත්අඩංගුවට ගත් ඌව මහ ඇමති ඇප මත මුදාහැරේ

colombotoday