Colombo Today Local News

විපක්ෂ පාගමන නුවරදී කඩාකප්පල් කිරීම අපේ ජයක්.. එජාප ප්‍රවර්ධනය පිළිමතලාවේදී කරනවා

laxman kiriellaඒකාබද්ධ විපක්ෂ පා ගමන මහනුවර නගරයට ඇතුළුවීම නතර කිරීමට හැකිවීම තමන් ලැබූ ජයග්‍රහණයක් බව මහනුවර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

නෙත් ගුවන්විදුලිය සමග අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ අද මහනුවරදී පැවැත්වීමට නියමිතව තිබූ තම ප්‍රවර්ධන වැඩසටහන පිළිමතලාව නගරය ආශ්‍රිතව සිදු කිරීමට සැළසුම් කර ඇති බවයි.

එවැනි වැඩසටහනක් පවත්වනවනම් පෙරවරුවේ පැවැත්විය යුතු බවත්, පස්වරු 2 න් පසුව පවත්වා ඵලක් නොමැති බවත් ඔහු පවසයි.

මහනුවර නගරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබූ ඒකාබද්ධ විපක්ෂ පා ගමනට සමගාමීව එක්සත් ජාතික පක්ෂය විසින්ද මහනුවර නගරයේදී ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීමට සැළසුම් කර තිබූ අතර, දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවේවැයි පොලීසිය විසින් කරුණු දැක්වීමෙන් අනතුරු එම වැඩසටහන් දෙකම අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබෙනවා. එජාප ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වීමට අවසර දී ඇත්තේ සවස 2න් පසුවයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂ පා ගමන ගැටඹේ බෝධීන් වහන්සේ අභියසින් ආරම්භ වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

Related posts

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම අද..

colombotoday

උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට

colombotoday

බීමතින් මවට පහරදුන් පුතු, පියා සහ අයියා අතින් මැරුම්කයි

Admin

ජනපති පුත් දහම්ගේ උපන් දිනයට රුවන්වැලි මහ සෑයට නෙළුම් මල් ලක්ෂයක පූජාවක්…

colombotoday

“රැවිටිලි කාරයා මහින්දයි… ආයෙත් අපෙන් සමාවක් නෑ..”- පියසේන ගමගේ

colombotoday

සචිත්‍ර සේනානායක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවයි

Admin