Colombo Today Local News

කංසා වගාව නීතිගත කරන්න. උදේ 10 සිට රාත්‍රී 10 දක්වා සුරාසැල් විවෘත කළ යුතුයි. | මේවා රට ගොඩ දාගන්න පුලුවන් ක්‍රම. සජබ මන්ත්‍රිනි ඩයනා කියයි

කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතු යැයියෝජනා කරන බව පත් කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී කීවාය.

“රජයේ අනුග්‍රහයෙන් එය කළ යුතුයි. එයින් ලැබෙන මුදල් මේ රටේ ණය බේරීමට පාවිච්චි කළ හැකියි. එමෙන්ම රාත්‍රී ආර්ථීකය නැමැති සංකල්පය අප රටට අවශ්‍යයි.

ශ්‍රී ලංකාවේ යනු සංචාරක පාරාදීසයක්. එමෙන්ම උදේ 10 සිට රාත්‍රී 10 දක්වා සුරාසැල් විවෘත කළ යුතු යැයි මා යෝජනා කරනවා. අද රටේ ජනතාවට දවස තිස්සේ හම්බ කරන මුදල් වියදම් කිරීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා රාත්‍රී ආර්ථිකය නැමැති සංකල්පය හඳුන්වාදිය යුතුයි. මේවා රට ගොඩ දාගන්න පුලුවන් ක්‍රම බව කිව යුතුයි”යනුවෙන්ද ඩයනා ගමගේ මහත්මිය කීවාය.

Related posts

විශ්වාසභංගය ගැන ජනපති-අගමැති එකඟතාවයක් නෑ – මාධ්‍ය වාර්තා ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

colombotoday

නව ව්‍යවස්ථාවේ අතුරු වාර්ථාව පාර්ලිමේන්තුවට.. බලය බෙදන්න සූදානම් !

colombotoday

කොළඹ අවන්හලක පිපිරීමක්

colombotoday

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්නැයි යෝජනාවක්

Admin

13ට එරෙහිව විරෝධතාව‍යක් – පාර්ලිමේන්තුව අසල උණුසුම් වෙයි

Admin

මංගලගේ මිල සූත්‍රය මළ සූත්‍රයක් වගෙයි…

colombotoday