Colombo Today Local News

තම දඬුවම ගැන නැවත සලකා බලන්න – රන්ජන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු රන්ජන් රාමනායක මහතාට පසුගිය 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම කෙරුණි.

එම දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලා ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට අවසර දෙන ලෙස ද රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෙම මෝසම මගින් ඉල්ලා තිබේ.

නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මගින් මෙම මෝසම ඉදිරිපත් කෙරුණු අතර ඒ සමගම දිවුරුම් පෙත්සම් සහ අදාළ ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මේ අතර රන්ජන් රාමනායක මහතා මේ වනවිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටී.

Related posts

ඩයනා ඇතුළු පිරිසගේ ගුටි කෙළිය ගැන සොයන්න පත්කල මැතිසබා කමිටුවට කැඳවයි

Admin

ගැබ්ගෙල පිළිකා නසන එන්නතක්

colombotoday

ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි නියෝග කරමින් ගැසට් නිවේදනයක්

Admin

බෙල්ලන්විල විමලරතන නාහිමියෝ අපවත් වෙති !

colombotoday

ළමා අපචාරකයන්, ස්ත්‍රී දූෂකයන් “හිරිවට්ටන විදිහේ” නීතියක් ගෙනෙන්න යයි

colombotoday

රට ආරක්ෂා කළ හැක්කේ එජාපයට පමණයි

colombotoday