Colombo Today Local News

මොරගොල්ල කන්ද තරණය කර සෙල්ෆි ගැනීමට ගිය තරුණයකු අඩි සීයක ප්‍රපාතයකට වැටෙයි

මැදගම කරමැටිය මොරගොල්ල කන්ද තරණය කර එහි ගලක් මතට නැග මිතුරන් සමග සෙල්ෆි ජායාරූපයක් ගැනීමට ගිය තරුණයකු ගල ලිස්සා අඩි සීයක පමණ ප්‍රපාතයකට වැටී මරණයට පත්ව තිබේ.

කරමැටියේ පදිංචි දහනව හැවිරිදි අකිල ඉමේෂ් මෙහිදී මරණයට පත්ව ඇති අතර තවත් තරුණයන් දෙදෙනකු සමග ඔහු මොරගොල්ල කන්ද තරණය කර ඇති බව වාර්තා වේ.

සෙල්ෆියක් ගැනීමට ගල්තලාවක් මත පිහිටි විශාල ගලක් මතට නැග සිටියදී ලිස්සා යාමෙන් තරුණයා අඩි සීයක පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබේ.

ඔහු පවුලේ වැඩිමහල් දරුවා වන අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදානමින් සිට ඇති බව සඳහන්.

සිද්ධියෙන් කම්පනයට පත් අනෙක් තරුණයන් දෙදෙනා ගම්වාසින් එක්ව මැදගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇතැයි වාර්තා වේ.

Related posts

ආණ්ඩුවේ නායකයෝ සල්ගාදු පිටියේදී හිට් විකට් වුනා – එක්සත් ජාතික නිදහස් පෙරමුණ කියයි

colombotoday

“ශ්‍රී පාදය“ නම සිංහලෙන් තිබීම සංහිදියාවට බාදාවක්… පැරණි නාම පුවරුවම සවි කරන්න සංහිදියා ඇමති නියෝග කරයි

colombotoday

යකඩ බෝයාවක් මොරගල්ල වෙරළට ගොඩ ගසයි

colombotoday

ජවිපෙ 20 මැතිසබෙන් විසිවෙයි

colombotoday

කෝටි 5ක කොකේන් ගිල ආ විදේශිකයෙක් රේගුවේදී අත්අඩංගුවට

colombotoday

තුර්කියට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300ක් පිටත්ව යාමට සූදානම්

Admin