Colombo Today Local News

තණමල්විල කැනීමකින් පුරාවිද්‍යාත්මක සාධක රැසක් සොයා ගැනේ.

තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයෙන් පුරාවිද්‍යාත්මක සාධක රැසක් සොයා ගැනේ.

තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේ නටඹුන් වූ දාගැබක් ආශ්‍රිතව සිදු කරන පුරාවිද්‍යා කැනීමකින් වැදගත් පුරාවිද්‍යාත්මක සාධක රැසක් හමුවී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන කැනීම සඳහා උපදේශකත්වය සපයන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ආචාර්ය ධනංජය ගම්ලත් මහතා ය.

ආචාර්ය ධනංජය ගම්ලත් මහතා සඳහන් කළේ , මහායාන සම්ප්‍රදායට අනුව ඉදි කළ ස්ථූපයක් එහි ස්ථාපිත කර ඇති බවය.

ක්‍රිස්තු වර්ෂ 6 හා 8 සියවස්වවලට අයත් මෙම දාගැබ මීට දශක 6කට පමණ පෙර නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව කැනිම්වලදී හෙළිව තිබේ.

කැනීම්වලදී ධාතූන් වහන්සේ තැන්පත් කිරීමට යොදා ගත් කරඬුවේ කොත් කැරැල්ල හා මැටි බරණියක කොටසක් මෙන්ම වර්ණ ගන්වන ලද මැටි හෙප්පුවක්ද පුරාවිද්‍යාඥයින් විසින් සොයාගනු ලැබ තිබේ.

මීට අමතරව අක්ෂර කිහිපයක් කොටන ලද ගඩොල් කිහිපයක් මෙන්ම පැරණි දාගැබේ පැරණි කොත හා දේවතා කොටුවේ කොටස් ද සොයාගත් බව ආචාර්ය ධනංජය ගම්ලත් මහතා ප්‍රකාශ කළේ ය.

එහි කැනීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

Related posts

පොඑපෙ ගැබිණි ප්‍රා. මන්ත්‍රීනියකට පහර දුන් සමගි ජන බල වේගයේ ප්‍රා. මන්ත්‍රීනිය අත්අඩංගුවට

colombotoday

ඥාණසාර හිමි ඇප මත නිදහස්

colombotoday

රනිල් සහ රතන හිමි පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි.. මන්ත්‍රීධූර බලරහිත කරන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක්

colombotoday

වෘතිය සමිතියක් ආරම්භ කලාට ස්වර්ණවාහිනී සේවකයන් 15 ක් රැකියාවෙන් දොට්ට

colombotoday

20ට අත උස්සනවාද නැද්ද? – රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර

colombotoday

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය ඇරඹේ.

colombotoday