Covid 19

බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 3,000 ඉක්මවයි

බන්ධනාගාර කොවිඩ් ආසාදිත පොකුර මේ වන විට 3,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 3,372ක් වන අතර, ඉන් ආසාදිතයින් 114ක් බන්ධනාගාර නිලධාරීන් වේ.

ආසාදිතයින් 389ක් පිරිමි රැඳවියන් වන අතර 9 දෙනෙක් කාන්තා රැඳවියන් බව වාර්තා වෙයි.

මේ අතර 2,676ක් පිරිමි සැක රැඳවියන් වන අතර, 184 දෙනෙක් කාන්තා සැක රැඳවියන් වේ.

වැඩිම බන්ධනාගාර ආසාදිතයින් වන 800ක් වැලිකඩින් වාර්තා වන අතර, මැගසින් බන්ධනාගාරයෙන් 796ක්, මහර බන්ධනාගාරයෙන් 658ක් හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් 381ක් ලෙස වාර්තා වේ.

අද වන විට කොවිඩ් ආසාදිත බන්ධනාගාර නිලධාරීන් 73දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති අතර, සුව වු සමස්ත නේවාසික සංඛ්‍යාව 1,772කි.

Related posts

යුද හමුදාපති කොවිඩ් මර්ධන එන්නත ලබා ගනී

colombotoday

කොරෝනා අරමුදලට අස්ගිරි සංඝ සභාවෙන් රු මිලියන 5ක්

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොවිඩ් පොසිටිව්

colombotoday

බේරුවල පොලිස් ස්ථානාධිපතිට කොවිඩ්

colombotoday

ලංකාපුර කොරෝනා ආසදිතයා නිරෝධායනයට ලක් නොවූ අයෙක්.. ස්ථාන රැසකට ගමන් කරලා

colombotoday