Colombo Today Local News

18 දා අලුත් ආණ්ඩුවක්… එජාපයේ 24ක් පිම්මකට සැරසෙයි… බහුතරය පෙන්වන්න මහින්ද සූදානම් !

එළැඹෙන 18 වනදායින් පසුව නව ආණ්ඩුවක් පිහිටු වීම සදහා සහයෝගය පලකිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙකු එකගතාවය පලකර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබද අවසන් සාකච්ඡාව බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ නිවසේදී ඊයේ රාත්‍රියේ පැවැත්වී ඇති බවට වාර්තා වේ.

මෙම මන්ත්‍රී පිරිස සදහන් කර ඇත්තේ තමන් එක්සත් ජාතික පක්ෂයේ සිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවට බහුතර බලය පවත්වාගෙන යෑම සදහා සහයෝගය ලබා දෙන බවයි.

එම මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකගේ ඉල්ලීම වී ඇත්තේ තමනට විශ්‍රාම වැටුප් අහිමිවන බැවින් වසර 5ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමට කටයුතු කරන ලෙසයි.

පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්නේ නම් තමන් එය පිළිගැනීමට සූදානම් බව කතානායක කරු ජයසූරිය මහතාද සදහන් කර ඇති බව වාර්තා වේ.

Related posts

වෛද්‍ය සිසුන්ට පහරට දී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ දේශ පාලන මැරයෝ

colombotoday

කැබිනට් මණ්ඩලයේ විසදුම් ගුරු වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කරයි.

colombotoday

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2781ක් දක්වා ඉහලට

colombotoday

තේ පොහොර මිලට සහනයක්

Admin

රණවිරුවන්ගේ තුන්වැනි දරුවාට දුන් රුපියල් ලක්‍ෂය කප්පාදුයි!

colombotoday

රනිල්ට බහුතරයට අහිමි කරමින් හකීම්, බදුර්දීන් මක්කම යයි.. තවත් මන්ත්‍රී පිරිසක් ආගිය අතක් නෑ…

colombotoday