Colombo Today Local News

යාපනයේ ස්ථානයකට ප්‍රහාරයක්… හිටපු මන්ත්‍රීවරයෙක් සැගවෙයි

යාපනය තෙලිප්පලෙයි පොලිස් වසමට අයත් අලවෙඩ්ඩි බටහිර ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට ඊයේ (16) රාත්‍රියේ නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කොට දේපල හානි කරමින් පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි.

එලෙස හානි සිදු කර ඇත්තේ අලවෙඩ්ඩි බටහිර ප්‍රදේශයේ පදිංචි දෙමළ ජාතික ජනතා පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ නල්ලයියා පුරට්සිදාස නැමත්තාගේ නිවසටයි.

එම පිරිස ගෙමිදුලේ දේපල රැසකට හානි කොට යතුරුපැදියකටද දැඩි හානි කොට පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අදාල පහරදීම සිදු වන අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා නිවස තුල සැඟව ඇති අතර ප්‍රහාරයෙන් පසුව තෙලිප්පලෙයි පොලීසියට පැමිණිලි කර තිබේ.

අනතුරුව අදාල ප්‍රහාරය පිළිබඳව පරික්ෂණ අරඹා ඇති අතර මේ දක්වා කිසිවෙකුත් හඳුනාගෙන නොමැති බවද තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

විශ්වාසභංගය අස්සේ හිටපු ඇමති රෝහිතගේ අල්ලස් නඩුවට වෙච්ච දේ…

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

නව වසර පරිවර්තනීය වසරක් බවට පත් කිරීමට එක්වන්නැයි ජනපතිගෙන් ආරාධනා..

colombotoday

රාජ්‍ය සේවය බාදාවකින් තොරව පවත්වාගෙන යාමට නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

colombotoday

අල්ලස් ගත් පොලිස් සැරයන්ට වැඩ වරදී…

Admin

ලංකාවේ ආයෝජනයට ආ ජොජ් සොරොස්ට චීනයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday