Colombo Today Local News

අංගමැඩිල්ල වනෝද්‍යානයේ අලි පැටවකුගේ හිසට වෙඩි වදී.

අංගම්මැඩල්ල ජාතික වනෝද්‍යානයේ විසූ අලි පැටවෙකු පොළොන්නරුව ජයන්තිපුර, නිකවැව ප්‍රදේශයේදී අද (17)දින වෙඩි වැදී බරපතල තුවාල ලබා ඇතැයි වනජීවී නිලධාරීහු කියති.

රාත්‍රී කාලයේ ආහාර සොයා යමින් සිටියදී අලි පැටවාට වෙඩි වැදී ඇතැයි ඔවුහු කීහ. තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 8ක් පමණ වයසැති අඩි 10ක් පමණ උස පිරිමි සතෙකි.

පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි කැළෑවේ දඩයක්කරුවන් විසින් අටවා තිබූ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් අලියාගේ හිසට වෙඩි පහර වැදී තිබෙන බව විමර්ශන සිදුකරන එම නිලධාරීහු කීහ.

වෙඩි වැදුණු අලියාට ප්‍රතිකාර කිරීම සඳහා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකය වෙත දැනුම් දී ඇතැයිද ඔවුහු පැවැසූහ.

Related posts

අද රත්තරන් මිල අඩුයි

Admin

ගුරුවරියකගේ මධ්‍යපානෙ නැටුම ගැන අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගත් තීරණය

colombotoday

අත්අඩංගුවට පත්වූ ෆාතිමා වමාරයි… ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ, බුදු පිළිම කැඩූ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් අල්ලයි….

colombotoday

බුද්ධි අංශ විරුවන් වෙනුවෙන් කතාකිරීමේ වරදට සිරගත කෙරූ ඥානසාර හිමි මානසිකව ඝාතන තැතක් – සුදත්ත හිමි

colombotoday

සිනි කන්ටේනරෙන් කෝටි 45ක හෙරොයින් හමුවෙයි

colombotoday

ජනපතිගේ සරල ගතිගැන රෝමයේදී ගුණ කියයි – Video

colombotoday