World

කොවිඩ් උපත සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් උදව් ඉල්ලයි

කොවිඩ් -19 වෛරසයේ මූලාරම්භය සොයා බැලීමට සිදුකරන පරීක්ෂණ සඳහා සහයෝගය ලබාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලීමක් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්ඩ්‍රෝස් අද්නාම් ගේබ්‍රියේසස් පවසන්නේ කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකරන දෙවන අදියරේ පරීක්ෂණ සඳහා චීනය විනිවිදභාවයකින් යුතුව සහයෝගය ලබාදිය යුතු බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ පරීක්ෂණවල පළමු අදියර පසුගිය පෙබරවාරි මාසයේදී අවසන් විය.

චීනයේ වූවාන්හි රසායනාගාරයකින් වෛරසය ආරම්භ වූ බවට සාක්ෂි නොමැති බවත් එය වවුලන්ගෙන් ඇති වූවක් බවත් එහිදී නිගමනය වී තිබුණි.

කෙසේවෙතත් ජිනීවාහිදී අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දී ඇත්තේ මෙම වසංගතය ඇතිවීමට පෙර සිටි රෝගීන්ගේ දත්ත ද පරීක්ෂණ කටයුතු සඳහා අත්‍යවශ්‍ය බවය.

පළමු පරීක්ෂණ වටයේදී චීනය විසින් අදාළ දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා නොදුන් බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කර තිබේ.

Related posts

අයිස්ක්‍රීම් වලිනුත් කොරෝනා වෛරසය හමුවෙයි.

colombotoday

සුළුතර හින්දුන් ඉස්ලාම් ආගමට හරවා ගන්නා බවට පාකිස්තානයට චෝදනා

colombotoday

රික්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රබල භූ කම්පනයක්

colombotoday

චිලි හි ජනපති පදවිය තරුණ නායකයෙක්ට

colombotoday

ට්‍රම්ප් කොරෝනා වෛරස් පරීක්ෂණයට ලක්වෙලා

colombotoday

චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

colombotoday