Colombo Today Local News

“චෝදනා තිබුණට වරදකරුවන් නොවේ” සජින් වාස්, අලුත් පරපුරට තඩිබෑ මන්ත්‍රී ගැන ශ්‍රීලනිප ස්ථාවරය මෙන්න

dumindad

අලුත් පරපුරේ කලා කරුවන්ට කුඹුක් ගැටේදී පහර දුන්නේයැයි චෝදනා ලබා සිටින පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දිකට හිරියාලේ ආසන සංවිධායක ධුරය ලබා දීම සම්බන්ධයෙන් අලුත් පරපුර සමඟ සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා අද (03) පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණයට ඉදිරිපත් වුණයේ සභාපතිවරයා හා ලේකම්වරයායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මගකට ගෙන යායුතුයි කියන පිරිස මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකතු වුණා. මොනදේ වුණත් පක්ෂය සමග සිටි පිරිස මහින්ද රාජපක්ෂ මහතා ළඟ නතර වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා ගන්නා විට දැන් අපිට මේ පිරිස අත අරින් බෑ. කවුද ගත යුත්තේ, කවුද නොගතයුත්තේ කියා හොඳට බැලිය යුතුයි. ඇතැම් අය එලෙස හැසිරී ඇත්තේ ඔවුන්ගේ වුවමනාවට නොවෙයි.‘‘ යැයි දුමින්ද දිසානායක මහතා කීවේය.

ප්‍රශ්නය – අලුතින් සංවිධායක කමක් දුන් කමල් ඉන්දිකට චෝදනාවක් තිබෙනවා අලුත් පහරපුරට පහර දුන් බවට. සජින් වාස් ගුණවර්ධනට චෝදනා තිබෙනවා. නඩු තිබෙනවා. ඔවුන් පිරිසිදුද?

මහින්ද අමරවීර මහතා – වජින් වාස් කියන්නේ ඉන්න සංවිධායකවරයෙක්. අපි ඉවත් කර තිබුණු කෙනෙක් නොවෙයි. ඔවුන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අපේ පක්ෂයේ කමිටුවක් තිබෙනවා සංවිධායකවරුන් තෝරන්න. ඉන්දික කියන පුද්ගලයා ගැන තීරණ ගන්නේ එක් පුද්ගලයකු නොවෙයි. චෝදනා බැලුවොත් කාටද චෝදනා නැත්තේ? මොහුටත් පහරදීමක් ගැන චෝදනාවක් තිබෙනවා. නමුත් ඔහු වැරදිකරුවකු වෙලා නෑ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බලන්නේ දිනන්න පුළුවන් කෙනෙක් දාන්න ඕනා. පහරදීමක් ගැන චෝදනාවක් තිබූ පමණින්ම පුද්ගලයකු ඉවත් කරන්න පුළුවන් කමක් නෑ.

ප්‍රශ්නය – ඔබතුමාලා කියන්නේ චෝදනා තිබෙනවා වුවත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ කියන එකද?

දුමින්ද දිසානායක මහතා – නෑ නෑ වැරදි අර්ථකතන දෙන්න එපා.

ප්‍රශ්නය – උසාවියකින් වැරදි කාරයෙක් කරලා නැත්නම් චෝදනා තිබුණට කමක් නැද්ද?

මහින්ද අමරවීර මහතා – මහා පිරිමාණයෙන් මහජන දේපොළ කොල්ල කාලද? මිනී මරලද? එහෙමෙ නෙමේනේ. මේ පහරදීමක් ගැනනේ.

ප්‍රශ්නය – එතකොට සජින් වාස්?

මහින්ද අමරවීර මහතා – ඔහු මැයි දින රැස්වීමේ හිටියේ නැහැනේ.

ප්‍රශ්නය – නමුත් සජින් වාස් ගාල්ලේ තිබුණු රැස්වීමවලට ආවා නේද?

අමරවීර මහතා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට එන්න පුළුවන්. අපි අවශ්‍ය වෙලාවට තීන්දු ගන්නම්. අයින් කරන්න පුළුවන්නම් අයින් කරන්න පුළුවන්.

ප්‍රශ්නය – අලුත්පරපුරට ජනාධිපතිවරණය සමයේ පහරදීම සුළු සිදුවීමක් ලෙසද ඔබතුමාලා දකින්නේ?

අමරවීර මහතා – එය සුදුසුයි කියන්නේ නෑ. පහර දීම වැරදියි. ඔය විදියට අර්ථ නිරූපනය කරන්න එපා. එහෙම බැලුවොත් චෝදනා එල්ල වෙලා නැති කීදෙනයිද පාර්ලිමේන්තුවේ ඉන්නේ කියලා කියන්න. එහෙමනම් ඉතින් මොන පක්ෂයක්වත් හදන්න බැහැනේ.

ප්‍රශ්නය – ඡන්දේකාලේ ඔබතුමාලා කිව්වේ අපි මැරයෝ නැති හොර බොරු කරන්නේ නැති පිරිසක් ගේනවා කියලයි. නමුත් දැන් කියනවා ඔවුන්ට අවස්ථාවක් දීලා බලමු කියලා.

දුමින්ද දිසානායක මහතා – මැරයා කියන වචනය අර්ථකතනය කරන්න බලන්න.

ප්‍රශ්නය – ඡන්දෙ කාලේ කලාකාරයන්ට ගැහුව එක මැරකමක් නොවෙයිද?

දිසානායක මහතා – අපි ඒ සිද්ධිය කිසිසේත් අනුමත කරන්නේ නෑ. ශ්‍රීලංකා නිදහස් පක්ෂය එම සිද්ධිය කිසිසේත් අනුමත කරන්නේ නෑ.

ප්‍රශ්නය – අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින එවැනි පුද්ගලයකු සංවිධායකවරයකු ලෙස පත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂපාත වෙනත් පුද්ගලයන් කුරුනෑගල නැති නිසාද?

දිසානායක මහතා- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕනෑ තරම් පිරිස් ඉන්නවා.

අමරවීර මහතා – ඉන්නවා වගේම ඡන්දය ගන්න අයත් වෙන්න ඕනා.

ප්‍රශ්නයට – මේ විදියට බැසිල් රාජපක්ෂ මහතාටත් සංවිදායක කමක් දෙන්න පුළුවන්කම තිබෙනවා නේද? ඔහුටත් චෝදනා තිබුණට ඔප්පු වෙලා නැහැනේ.

අමරවීර මහතා – ඉල්ලුම්පත්‍රයක් දාලා බලන්න කියන්න. සමූඛ පරීක්ෂණයකට භාජනය කළාට පස්සේ තමයි කමිටුවෙන් තීන්දු කරන්නේ. මාධ්‍යයට මෙච්චර දවසකට කිසිම ප්‍රවෘත්තියක් නැති කමේ ප්‍රශ්නයනේ මේ තියෙන්නේ.

ප්‍රශ්නය – දුමින්ද දිසානායක මහත්මයාලා මුතුහෙට්ටිගමලා, සජින්වාස්ලා පතුරු ගැහුවා වේදිකාවල. දැන් ඔවුන් හුරතලුන් වෙලා නේද?

දිසානායක මහතා – සජින් වාස් හොඳයි කියලා දැන් අපි කියනවද?

ප්‍රශ්නය – හොඳ නිසා නෙවෙයිද ඔහුගේ සංවිධායකකම ඉල්ලා අස්කරගෙන නැත්තේ?

පිලිතුර – ඔබතුමාලා කළබල වෙන්න එපා. අපි තාම කවුරුත් හොදයි කියලා කියලා නෑ. අපි පක්ෂය පිරිසිදු කරගෙන යනවා. අවශ්‍ය කටයුතු අවශ්‍ය වෙලාවට සිදුවේවි.

Related posts

ඇමරිකානු ප්‍රහාරක නැව් 6ක් කොළඹ වරායට

colombotoday

LTTE අංක තහඩුවක්.. T56 ගිනි අවියක්, පතොරම් තොගයක් පූනානි කැලැවෙන් මතුවෙයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…

Admin

තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

තත්වය හොද නෑ.. කොරෝනා මරණ ගණන ඉහළ යා හැකි..

colombotoday