Colombo Today Local News

“ජනපති සිංහනාද කළත් වැට් බද්ද දැන් ක්‍රියාත්මකයි” – ගම්මන්පිල

gammanpila

ජන‍තාවට අහිතක්වන බදු නොගසන බවට මෛත්‍රී ජනාධිපතිවරයා පොලොන්නරුවේදී සිංහනාද දුන්නද අද දින සිට වැට් බද්ද ක්‍රියාත්මකවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද(02) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඒකාබද්ධ විපක්ෂයේ නම භාවිතා කිරීම පිළිබඳව මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශකර සිටියේ මෙපමණ කාලයක් මෙවැනි නිවේදන නිකුත් කරනු ලැබුවේ ප්‍රවෘත්තී අධ්‍යක්ෂක බවයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙවැනි ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කිරීම සම්ප්‍රදාය වෙනස් කිරීමක් බවත්, එය සදාචාර විරෝධී බවත් ඒ මහතා පෙන්වා දෙයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව මේ වන විට පැහැදිලි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබූ හමුදා ආරක්ෂාව අද දින සිට ඉවත්කර ඇති බවද ඒ මහතා ප්‍රකාශකර තිබේ.

එමෙන්ම පසුගිය ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ක්‍රියා කළ ඇතැම් පිරිස්වලට අද තනතුරු ලබා දී ඇති බවත් එය හාස්‍යයට කරුණක් බවත් ඒ මහතා පවසයි.

Related posts

ආණ්ඩු විරෝධින් ඥාණසාර හිමියන්ට පහර ගැහැව්වේ උන්වහන්සේ ඔවුන්ගේ පොදු සතුරෙක් නිසා විනා රතනවත් කිරුළුපනේවත් කරපු දේ හරි නිසා නොවෙයි.

colombotoday

උතුරෙන් බුද්ධාගම අහෝසි වෙලා – විග්නේෂ්වරන් කියයි

colombotoday

ජනපතිට බැරිනම් රුසියාවෙන් අඩු මිලට තෙල් ගේනවා – ඩිව් ගුණසේකර

colombotoday

නිල නොවන ප්‍රතිඵල හුවමාරු කිරීමෙන් වළකින්න

colombotoday

උදයංග වීරතුංග අල්ලන් එන්න තවත් පිරිසක් ඩුබායි යති…

colombotoday

ගල්නෑව, නෑගම මොහිදීන් ජුම්මා පල්ලියේ නබි නායක ජන්ම දිනය සැමරීමට අන්තවාදීන්ගෙන් බාදා

colombotoday