Colombo Today Local News

“උතුරේ යෝජනා ගැන කලබල වෙන්න එපා.. රට බෙදන්න මම ඉඩදෙන්නෑ” – ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි

mithrepala 23

ලංකාව දෙකඩ කරන බවට හෝ උතුර – නැඟෙනහිර පළාත්වලට ෆෙඩරල් පාලනයක්‌ ලබා ගන්නා බවට හෝ දේශපාලනඥයන් කරන කතා ගැන මේ රටේ ජනතාව කලබල නොවිය යුතු බවත්, රට දෙකඩ කිරීමට හෝ ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍ය බිහිකිරීමට තමා ඇතුළු ආණ්‌ඩුව කිසි විටෙකත් ඉඩ නොදෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27 දා) උදේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් සඳහා පැවැති විශේෂ රැස්‌වීමකදී පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක්‌ හෝ ෆෙඩරල් පාලනයක්‌ ඇති කිරීම සඳහා කැප වන බවට තමිල්නාඩුවේ මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් මහත්මිය මේ දිනවල කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් නැඟුණ ප්‍රශ්නයකදී ය. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට තව ඇත්තේ දවස්‌ කිහිපයක්‌ විතරයි. ඒ නිසා එම ඡන්දයට තරග කරන අය විවිධ ප්‍රකාශ කරනවා. මේවා අප ගණන් ගත යුතු නැහැ. එසේම උතුරු පළාත් සභාව තුළ දී උතුර – නැඟෙනහිරට ෆෙඩරල් පාලනයක්‌ ලබා ගැනීම සඳහා සම්මත කර ගත් යෝජනාව සම්බන්ධයෙනුත් අප කලබල විය යුතු නැහැ. තමන්ට පක්‍ෂපාත ඡන්ද තිබෙනවා නම් ‘ඕනෑම යෝජනාවක්‌’ සම්මත කර ගැනීමට පළාත් සභාවකට පුළුවන්. එහෙත් ඒ හැම එකක්‌ ම ක්‍රියාත්මක කරන්න බලයක්‌ නැහැ. යෝජනා පැත්තකට දමමු. පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත් පනත් මොන තරම් තිබෙනවාද කවදාවත් ක්‍රියාත්මක නොවන. මට කියන්න තිබෙන්නේ මෙපමණයි. මේ රට කඩන්න, වෙනම රාජ්‍ය පිහිටුවන්න මා ඇතුළු ආණ්‌ඩුව කිසි විටෙකත් ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් ද ජනාධිපතිවරයා පැවැසීය.

Related posts

“ඒ ගැන පස්සෙ කතා කරමු” බැදුම්කර කොමිසමෙන් එළියට ඇවිත් ඇමති කබීර් කීව දේ (Video)

colombotoday

පළමු ඉණිම අසාර්තක වුවත් දෙවනි ඉණිම හරියට ක්‍රීඩා කරනවා…

colombotoday

හෙටත් ගැස් බෙදන්නේ නැහැ

colombotoday

ජනපතිට එරෙහි මඩ ලිපි යැවීමට උත්සහගත් කිරිඇල්ලගේ ගෝලයින්ට ඇප

colombotoday

නුගේගොඩ “රෝයල් ඉන්ස්ටිටියුට්” ජාත්‍යන්තර පාසල නීතිවිරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

colombotoday

කොම්පඤ්ඤවීදිය මුස්ලිම් පල්ලියක තිබී කඩු තොගයක් සමග හමුදා ඇඳුම් හසුවෙයි…

colombotoday