Colombo Today Local News

‘අයි.එම්.එෆ්. කොන්දේසි සමඟ බැදෙන ආණ්ඩුවක් සමඟ ඉන්නේ නෑ’

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) කොන්දේසි සමඟ බැදෙන ආණ්ඩුවක් සමඟ තමන් කටයුතු නොකරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මීට සුළු මොහොතකට පෙර සදහන් කර සිටියේය.

ආණ්ඩුවේ රැදී සිටීම පිළිබඳව ඉදිරියේදී තීරණය කරන බව කී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තමන්ට ඉල්ලා අස්විමේ ලිපිය ලිවීමට ගත වන්නේ විනාඩියක කාලයක් පමණක් බව ද සඳහන් කළේය.

ජලසම්පාදන අමාත්‍යවරයා තවමත් තමන් බව කී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ තමන් අමාත්‍ය ධූරය දරණ තෙල් ජල ගාස්තු ඉහළ දැමීමට ඉඩ නොතබන බවත්ය.

ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 යේ නායකයන් දැන් පවත්වන විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා එසේ පැවසීය.

Related posts

වදින්න ඕන තැනටම වැදිලා.. තොප්පිය දාගෙන දිල්රුක්ෂි ගියා ! – ඩිලාන් පෙරේරා

colombotoday

‘ඒකීයභාවය අහෝසි කිරීමට එකගවුණා.. අපි ඉල්ලන ෆෙඩරල් ක්‍රමය ගැන දැන්ම හෙළිකරන්නෑ‘ – TNA

colombotoday

කීර්ති නාමයට හානි කරලා… මිලියන දාහක් වන්දි ඉල්ලා අනුර කුමාර උසාවි යයි

colombotoday

ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට

Admin

රට ශක්තිමත් කළ සැණින් මැතිවරණ වැලක්

colombotoday

සීදුව විදුහලක ගුරුවරියකට කොවිඩ්

colombotoday