Colombo Today Local News

ස්ත්‍රී දූෂක සාරුවා සුනිල් ගාලු රැලියට බරටම වැඩ.. මහා දූෂිත සජින් වාස් ප්‍රධාන සංවිධායක (Video)

මේ බංකොළොත්, දූෂිත ආණ්ඩුව පරාජයට පත් කිරිමේ සටනේ තීරණාත්මක කඩඉම මැයි 01 වැනිදාට යෙදී තිබෙන බවත් ඒ වෙනුවෙන් එදිනට කිරුළපන ක‍්‍රිඩාංගණය වෙත රොද බදින ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පොදු ජනතාව වෙතින් ඉල්ලා සිටී.

බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘‘මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය එළඹෙන්නේ අපේ රට තීරණාත්මක ඉරණමකට මුහුණ පා සිටින මොහොතකයි. ජනවාරි 08 වැනිදා බලයට ආපු මේ ආණ්ඩුව අවුරුද්දක් හා තවත් අමතර දින 100ක ආයු කාලයක් ගෙවා තිබෙනවා. මේ කාලය තුළ ඔවුන් කවරාකාරයේ අන්තරාකාරී මගකට මේ රට ඇද දමා තිබෙනවාද? යන්න අද ඔවුන්ට ඡුන්දය ලබාදුන් ජනතාවට පවා ඉතා හොඳින් වැටහී තිබෙනවා.

රුපියල අවප‍්‍රමාණය කර තිබෙනවා. රටේ ආර්ථික වර්ධන වේගය පල්ලම් බස්සවා තිබෙනවා. ව්‍යාපර කඩා වැටෙන තත්වයට පත්ව තිබෙනවා. 2015 ජනවාරි 08 වැනිදා සිට අද වන විට දේශීය ව්‍යාපාර 5400ක් වසා දමා තිබෙනවා. ව්‍යාපාරිකයන්ට ණය පහසුකම් ලබාදීම සීමා කිරීමට බැංකුවලට උපදෙස් ලැබී තිබෙනවා. මෙමගින් රටේ මුදල් සංසරණය හීන තත්වයකට ඇද වැටී තිබෙනවා. තේ, රබර් කර්මාන්ත විඳ වැටිලා. මැණික්වලට තිබුණු ඉල්ලූම පහත වැටිලා, පොහොර සහනාධාරය කපා දමලා වී කිලෝවට තිබුණු රුපියල් 40ට ඉහළ මිල අද රුපියල් 18-20ට පහත වැට්ටුවා. ඒ විදියට රටේ ආර්ථිකයේ සෑම අංශයක්ම මේ ආණ්ඩුව දවසින් දවස බිඳ දැමුවා. බලයට ඇවිල්ලා මේ තරම් කෙටි කාලයකින් මේ රටේ ආර්ථිකය මේ විදියට බිඳ වටුටපු ආණ්ඩුවක් අපේ ඉතිහාසය තුළ හොයා ගන්නට බැහැ.

‘බදු පෝරියල්’ එක සූදානම්

සිරිසේන මහත්තයාට ආර්ථික දැක්මක් තියා කවර හෝ දැක්මක් ඇතැයි කියා අපි හිතන්නේ නැහැ. නමුත් අද වික‍්‍රමසිංහලාගේ ආර්ථික දැක්ම මුළු රටටම ඔප්පු කර පෙන්වලා ඉවරයි, ‘වේගයෙන් ඉදිරියට ගිය ආර්ථිකයක් බිඳ වට්ටවන්නයි, ජනතාව මත බදු බර පටවන්නයි හැර අපි දන්න වෙන ආර්ථික දැක්මක් නැහැ’ කියලා. මැයි මාසයේ 02 වැනිදා මේ රටේ ජනතාවට ලැබෙනවා ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ආණ්ඩුව ලබාදෙන තෑග්ග. වැට් බද්ද 15%ට එදා සිට ඉහළ යනවා. විදුලි සංදේශ බදු ඉහළ යනවා. නොමිලේ ‘වයි-ෆයි’ දෙනවා කියපු මේ ආණ්ඩුව අද රුපියල් 100ක රී-ලොඞ් එකකින් රුපියල් 46ක බද්දක් ගැනීමත් එදා සිට ඇරඹෙනවා. මැයි 02 වැනිදා ජනතාවට ‘බදු පෝරියල් එකක්’ දෙන්නයි ආණ්ඩුව සැරසෙන්නේ. පසුගිය මාසය තුළ 2.2%කින් උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා. මේ බදු පැටවීමත් සමගම උද්ධමනය වේගයෙන් ඉහළ යාවි. රුපියල් 10,000ක මුදලක් වැටුපට එල්ලලා අද රාජ්‍ය සේවකයාගෙන් රුපියල් 20,000ක් කොල්ලකන්නයි මේ ආණ්ඩුව හදන්නේ.

‘රාජ්‍ය සම්පත් විකුණාගෙන කෑම’

අද මේ ආණ්ඩුව එතැනින් නැවතිලා නැහැ. රාජ්‍ය සම්පත් විකුණාගෙන කෑමේ නයාය පත‍්‍රයක් අද පණ ගන්වලා තිබෙනවා. ලංකා හොස්පිටල්, ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය දැනටමත් විකුණා දැමීමට සූදානම්. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යටතේ තිබෙන රාජ්‍ය ආයතන පාඩු ලබන බවට ලේබල් අලවා, කුණු කොල්ලයට විකුණා දැමෙන අයුරු මේ වසර අවසානය වන විට අපි කාටත් දැක ගන්න පුළුවන්. පාඩු ලබන රාජ්‍ය ආයතන පමණක් නොවෙයි, රටට මහා සම්පතක් වූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පවා විකුණා දමන්න මේ ආණ්ඩුව අද වන විට තීරණය කරලා ඉවරයි.

‘ජුනි මාසයේ එට්කා එනවා’

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා මේ සියල්ල මැද්දේ ජුනි මාසය වන විට එට්කා ගිවිසුම අත්සන් කිරීමට සැරසෙනවා. එට්කා ගිවිසුම අත්සන් කළාම මේ රටේ ශ‍්‍රමිකයාගේ වටිනාකම පහත වැටෙනවා. ඉන්දියානු ශ‍්‍රමිකයාට මේ රටේ රැකියා වොළඳපොළ ගිලගන්න ඉඩකඩ හැදෙනවා. එමගින් මේ රටේ ඇතිව තිබෙන ආර්ථික වියවුල දෙගුණ තෙගුණ වෙනවා. මෑත ඉතිහාසයේ මුහුණ දීමට සිදුවන බරපතළම ආර්ථික වියවුලට අපි රටක් ලෙස අද මුහුණ දී සිටිනවා. එම ආර්ථික වියවුලෙන් මේ රට බේරා ගැනීමට නම් මෙවර මැයි දිනය, අලූත් පරිච්ෙඡ්දයකට රට ඇදගෙන යන මැයි දිනයක් බවට පරිවර්තනය කළ යුතුයි.

‘සහජීවනයේ නාමයෙන් බස්රථවලට ගල්ගැසීම’

අනෙක් පැත්තෙන් මේ රටේ ජාතික ආරක්‍ෂාව දිනෙන් දිනම බිඳ වැටෙමින් තිබෙනවා. විපක්‍ෂනායක ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු අද යුද හමුදා කඳවුරුවලට බලහත්කාරයෙන් කඩා වදිනවා. ඒ විතරක් නොවෙයි අද යාපනයේ දී සහජීවනයේ නාමයෙන් බස්රථවලට ගල් ගහන තත්වයක් ඇති වෙලා තිබෙනවා. සහජීවනය ඇති කරනවා කියන්නේ, එක ජාතිවාදයකට, එක බෙදුම්වාදයකට බඩ පිණුම් ගහන්න දීලා ඇහැ,කණ පියාගෙන ඉන්න එකට නොවෙයි. සහජීවනය කියන්නේ සියලූ ජනකොටස් අතර සමාන හැගීමක් නිර්මාණය කරන එකට. නමුත් අද එක ජාතිවාදයකට ,බෙදුම්වාදයකට ‘හිස් බලපත‍්‍රයක්’ ලබාදීලා තිබෙනවා කැමති ආකාරයකට හැසිරෙන්න. එමගින් අද තිබෙන සහජීවනයත් අනතුරට ඇද දමලා තිබෙනවා. 27,000ක් දිවි පුදලා, 23,000ක් අතපය අහිමිකරගෙන රට තුළ ඇති කරපු ස්ථාවරභාවය, සාමකාමී තත්වය අද අපට අහිමි වේවිදෝ කියන බරපතළ සැකය ජනතාවට ඇති වෙමින් තිබෙනවා.

‘යහපාලන මල් වට්ටිය’

යහපාලන පරමාදර්ශී මල් වට්ටියට අද මොකද වෙලා තිබෙන්නේ? හැම අතකින්ම ඒක කිලිටි වෙන්න පටන් අරන් අලූතෙන් ආපු පොලිස්පතිතුමාම කියනවා ‘FCID’ එකේ ප‍්‍රධානියාව පත් කළේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විසින් හොඳින් කරුණු විමසා බලලා’ කියලා. එතකොට අද පොලීසියේ අංශ ප‍්‍රධානියකු පත් කරන්නේ ජනාධිපති සහ අගමැතිද? මේ පත් කිරීම කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාවෙන් හෝ පොලිස්පතිවරයා විසිනුයි. ඒ අනුව ඉතා පැහැදිලියි, FCID එකේ ප‍්‍රධානියාව ජනාධිපති සහ අගමැති එකතුවෙලා පත් කළේ තමන්ගේ දේශපාලන ප‍්‍රතිවාදීන් දඩයම් කිරීමටයි කියලා අද FCID එකට තමන්ට කැමති ප‍්‍රධානියෙක් පත්කරගෙන, මන්ත‍්‍රීවරුන් බිය ගන්වා තමන්ගේ ජනතාද්‍රෝහී අණ පනත්වලට අත ඔසවන ‘ලයිට් කණු’ බවට ඔවුන් පත් කරගන්න මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ බව අද ඔප්පු වෙලා ඉවරයි නව පොලිස්පතිතුමා සිදු කළ ඉහත කී ප‍්‍රකාශයෙන්

‘ආණ්ඩුවේ පලූ තුන’

අද මේ ආණ්ඩුව දෙකට නොවෙයි තුනට බෙදිලයි මැයි දිනය සමරන්නේ. එදාට ආණ්ඩුවේ එක පලූවක් ඉන්නවා බොරැල්ලේ. අනෙක් පලූව ගාල්ලෙ සමනල ක‍්‍රිඩාංගණයේ. ආණ්ඩුවට වක‍්‍රාකාරයෙන් සහයෝගය දෙන ‘රතු අලි පැටව් පලූව’ ඉන්නවා හෙන්රි පේද්‍රිස් ක‍්‍රීඩාංගණයේ. මේ පලූ තුනම එදාට තුන් තැනකට වෙලා කෑගහන්නේ මහින්ද රාජපක්‍ෂට විරුද්ධව. ඕක තුන් තැනකට වෙලා කරන්න ඕනේ දෙයක් නොවෙයි. එක තැනකට වෙලා කළා නම් හොඳයි. මේ ආණ්ඩුව අද අපේ මැයි දින සැමරුම අඩාල කරන්න කළ හැකි තුප්පහි වැඩ සේරම කරනවා. පෙළපාලිය ආරම්භ කිරීමට මුදල් දී වෙන්කර ගත් ශාලිකා ක‍්‍රීඩාංගණය අද යළි අත්පත් කර ගන්නවා. සමෘද්ධි නිලධාරීන්ගේ සංමමයේ ජගත් කුමාර මැතිතුමන්ලා මුදල් දී වෙන්කර ගත් අපේ ගම පරිශ‍්‍රයේ ශාලාව මැයි දින රැලිය පැවැත්වීමට ඉඩ නොදී යළි අත්පත්කර ලගන්නවා. මේවා මෑත ඉතිහාසයේ සිදු වූ ඒවා නොවෙයි. මෙවැනි තත්වයකට ජේ.ආර්. ජයවර්ධනවත් ඇද වටුණේ නැහැ. ඒකෙන්ම පෙනෙනවා ‘මේ කෙටි කාලය තුළ මේ ආණ්ඩුව කොතරම් බිය වැදිලාද? ’කියලා. මැයි දින සමරුවකට ලබාදුන් ශාලාවක් පවා කොල්ලකන ආණ්ඩුවකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන වචනයක්වත් කතා කරන්න සදාචාරාත්මක අයිතියක් ඉතිරි වෙන්නේ නැහැ.

‘අන්ත දූෂිතයෝ අද ගාල්ලට සෙනග අදිනවා’

අද මේ ආණ්ඩුව බොරැල්ලේ රැලියට සහ ගාල්ලේ රැලියට සෙනග ගෙන්වා ගන්න නොවිඳිනා දුක් විඳිනවා. ගාල්ලේ රැලියට සෙනග ගෙන්වා ගන්න මාස 15කට පස්සේ දැන් ජනතාවට රැකියා ඉල්ලූම්පත් බෙදනවා. එදා මේ අය රාජපක්‍ෂ පාලනය යටතේ හිටපු ඇතැම් අයට කීවා අන්ත දූෂිතයෝ කියලා. එහෙම කියපු එක අයෙක් තමයි සජින් වාස් ගුණවර්ධන මැතිතුමා. සිරිසේන මහත්තයා කියපු ඒ අන්ත දූෂීතයා අද කොහේද ඉන්නේ? එයා අද ගාල්ල රැලියට සෙනග ගෙන්වා ගන්න සල්ලි බෙදන ප‍්‍රධාන පුද්ගලයා වෙලා. ඒවගේම එදා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා අකුරැුස්සේ ස්තී‍්‍ර දූෂකයකු ගැන කීවා. ඒ එතුමා කියපු ස්ත‍්‍රී දූෂකයා අද ගාල්ල රැලියට එයාගේ ගාමන්ට්වල වැඩකරන සේවක සේවිකාවන් සහිත බස් රථ 10ක් ගෙනෙන්න පොරොන්දු වෙලා. තමන් බදාගත්තාට පස්සේ සජින් වාස්ලා, අකුරැස්සේ ‘ස්ත‍්‍රී දුෂකයා’ හොඳ වෙනවාද? අද එවැනි පිරිස් සමග එකතු වෙලා මැයි දිනය සමරන අන්ත පහත් තත්වයට මේ පාලකයන් ඇද වැටී තිබෙනවා.

‘ගාල්ලට සෙනග අදින අපූරු ක‍්‍රමවේදය’

ගාල්ලේ රැලියට සෙනග ගෙන එන්න මේ අය අපූරු ක‍්‍රමවේදයක් භාවිතා කරනවා. බස් රථයක සෙනග රැගෙන එන ප‍්‍රධානියාට දෙනවා රුපියල් ලක්‍ෂයක්. සෙනග අරගෙන යනවා කතරගම? නතරවීම කෑම බීම සියල්ල දෙනවා. ඊළග දවසේ උදේ ගාල්ලට එනවා, කතරගම වැද පුදාගෙන. බලන්න මේ අය සෙනග අදින්න, බස් රථයකට මේ අනුව ලක්‍ෂ කීයක් වියදම් කරනවාද? මේවාට සල්ලි කොහෙන්ද? කවුද සල්ලි දෙන්නේ? අපි ඉදිරිපිට තිබෙන ප‍්‍රශ්න ඒවායි.

අපට කොතරම් බාධක, අවහිර ඇති කළත් අපි කියනවා, ‘මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර කම්කරු දිනයක එකතු වුණු නුගේගොඩට, හයිඩ්පිටියට නොදැවැනි ජන ගංගාව කිරුළපන නගරය අත්පත් කර ගන්නාවා. ඒක එදාට මුළු රටටම බලා ගන්න පුළුවන්’ කියලා. ඒ වගේම අපි කියනවා ආණ්ඩුවට ගිය පාර වාගේ බංකොළොත් වැඩ කරන්න නම් එන්න එපා!’ කියලා. ගිය අවුරුද්දේ ආණ්ඩුව නිර්මාල් රංජිත් දෙවසිරි මහත්තයාව එවලා ඊට පස්සේ නිල් පාට ටී ෂර්ට් ඇදගත්තු කට්ටියක් වෙනම එව්වා. ඒ අය නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයාට ගහලා ප‍්‍රවෘත්තියක් මැවූ හැටි අපට මතකයි. ඒවගේ නාඩගම් නටන්න මේ පාරත් සූදානම් වන බව අපට ආරංචියි. විශේෂයෙන් අපි නව පොලිස්පතිතුමාට කියනවා ‘ඒ ජවනිකා රග දක්වන්න රහස් පොලීසිය යොදා ගන්න ඉඩ දෙන්න එපා!’ කියලා. මේ රටේ දේශපාලන ගමනේ හැරවුම් ලක්‍ෂය මැයි 01 වැනිදා. මේ බංකොළොත්, දූෂිත ආණ්ඩුව පරාජයට පත් කිරිමේ සටනේ තීරණාත්මක ඉඩකඩ එදාට යෙදී තිබෙනවා. ‘නිල්, රතු, කහ පාට පාට කොඩිවලින් පිරුණු මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මැයි පෙළපාලියට සහ රැලියට ඔබේ දායකත්වය දෙන්න කිරුළපනට එන්න’ කියන ආරාධනාව අපි මේ රටේ පොදු ජනතාව වෙත සිදු කරනවා’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

සම්මුති ආණ්ඩුවේ පිපිරීමක්.. ඒකාබද්ධ විපක්ෂයේ සහ මෛත්‍රීට !!

colombotoday

පුංචි ඡන්දය ගැන දිනේෂ්ගේ තීරණය

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ගැන දැනුම්දීමක්

Admin

විපතට පත් අයට සමෘධියෙන් සහන දෙන්න එස්.බී. ජනතාවගෙන් ආධාර ඉල්ලයි

colombotoday

මහ සගරුවණ, මහා ජන ගගක් මැද සිව් හෙළේ මහ සමුළුව ඇරඹෙයි (සජීවි විකාශය)

colombotoday

ලංකාවේ ආරක්ෂක තත්ත්වය හා සංහිදියාව ගැන ඇමරිකාවේදී සාකච්ඡා!

colombotoday