Colombo Today Local News

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්.. වෙරළාසන්නයේ ජනතාව විමසිල්ලෙන් සිටින්න

මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළයෑම සහ රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 2.5ත් අතර දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අදාළ මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මෙන්ම වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව ද ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

තුනී පොලිතීන් අද පටන් තහනම්… අහුවුණොත් දඩ

colombotoday

පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් හෙට ඇරඹෙයි

colombotoday

නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි

colombotoday

කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගනී

colombotoday

ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය

colombotoday

කොවිඩ් අරමුදල යොදාගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්න

colombotoday