Colombo Today Local News

“බුර්කාව තහනම් කරන්න තවම තීරණයක් නෑ” – විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පිළිබඳව මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ඉස්මතුකර තිබෙන බව විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඉන් පවසා ඇත්තේ එවැනි තහනමක් පැනවීම සඳහා රජය තීරණයක්ගෙන නොමැති බවත්, එය හුදෙක් යෝජනාවක් පමණක්වන අතර එය දැනට සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බවත්ය.

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ (PCoI) විමර්ෂණයන්ට අනුව, ජාතික ආරක්ෂක හේතුන් මත අවශ්‍ය වන පූර්වාරක්ෂාව, මෙම යෝජනාව සඳහා පදනම් වී තිබේ.

රජය විසින් අදාළ සියලු පාර්වශ්වයන් සමග පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති අතර, අවශ්‍ය උපදේශන පැවැත්වීම සහ එකඟතාවකට පැමිණීම සඳහා ප්‍රමාණවත් කාලයක් වැය කරනු ඇති බවත් ඉන් පෙන්වා දෙයි.

Related posts

රටින් පිටවෙනු.. නැතිනම් මරාදමනවා – මැලේසියා කොටි මහින්දට තර්ජණය කරති (Video)

colombotoday

ලක් ඉතිහාසයේ ලොකුම අල්ලස, කෝටි 12/2 ගත් රේගු ලොක්කෝ 3ක් දැලේ

colombotoday

අධිවේගයේ අනතුරකින් කතක් මරුට… 5ක් රෝහලේ..

colombotoday

අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන්න. සත්වෝද්‍යාන පාලකවරිය ඉල්ලා අස්වෙයි

colombotoday

කිව්.ආර්. වලින් පිට වැඩ කළ ඉන්ධන පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටවයි

Admin

රජයට ලැබුණු ආදායම් ගිය වසර තුනේදී පිල්ලි ගහලා

colombotoday