Colombo Today Local News

අපනයනකරුවන්ගේ අපහසුතාවයන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ගේ ඇති වී තිබෙන අපහසුතාවයන් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(14)දින එම අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා තිබේ.

දැනට ඇති වී තිබෙන ගෝලීය තරගකාරී නාවික කටයුතු කාලයක් තිස්සේ ලෝකයේ විවිධ වරායන් වසා තැබීම නිසා නෞකාවලින් කන්ටේනර ප්‍රවාහනයේදී ඇති වී තිබෙන අතපසුවීම් හේතුකොටගෙන මෙරට අපනයන කරුවන්ට තම අපනයනයන් කර ගැනීම සඳහා කන්ටේනර් බහාලුම් වල අඩුපාඩුවක් තිබෙන බව ඔවුන් රජයට දැනුම් දී තිබේ.

විෂය භාර අමාත්‍යවරයා අපනයනකරුවන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අපනයන සංවර්ධන මණ්ඩලය සහ නැව් සමාගම් නියෝජිතයින් ගේ ප්‍රධාන සංගම්වල නියෝජිතයන් සහ රාජ්‍ය මැදිහත්වීම ලබා දෙන වරාය අධිකාරියත් මෙම රැස්වීමට සහභාගී වීය.

මෙහිදී ප්‍රථම වතාවට අපනයනකරුවන් දිරිගැන්වීම උදෙසා පිට රටවල් වෙත යැවීමට වෙන්කර ඇති හිස් කන්ටේනර් බහාලුම් 6000 පමණ ඉතා ඉක්මනින් අපනයන කරුවන් වෙත නිදහස් කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දුනි.

එහිදී සිදුවන තාක්ෂණික කටයුතු වල දී වරාය අධිකාරිය වෙත ලැබිය යුතු ගාස්තු අය කිරීමකින් තොරව මෙම බහලූම් 6000 අපනයනකරුවන්ට ලබාදීමටත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන උපදෙස් ලබා දුන් අතර මෙමඟින් කෙටි කාලීනව අර්බුදයට විසදුමක් ලැබුනද දීර්ඝ කාලීන ලෙස විසඳුමක් සෙවීම සඳහා සියලුම ආයතන වලින් සැදුම් ලත් සැදුම්ලත් තවත් කමිටු දෙකක් ද දෙකක්ද ස්ථාපනය කරන කළේය.

මීට අමතරව සෑම සතියකටම වතාවක් එක් කමිටුවක් රැස්වී කාලීන තත්ත්වය පිළිබඳව සමාලෝචනය කිරීමට හා අමාත්‍යවරයා දැනුවත් කිරීමටද උපදෙස් දෙන ලදී.

මෙම සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රෝහිත අභය ගුණවර්ධන කියා සිටියේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සෘජු මැදිහත්වීම මත මෙම අපනයනකරුවන් ඇතුළු සියලුම පාර්ශව ගැටළු ඉතා ඉක්මනින් විසඳීමට පියවර ගන්නා බවයි.

මීට අමතරව වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ද අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්බන්ධයෙන් හා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සම්බන්ධයෙන් ද එහිදී අදහස් පළවිය.

Related posts

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්

colombotoday

රිමාන්ඩ් ප්‍රභූන්ට බන්ධනාගාර රෝහලේ සැප දෙන දොස්තර ගැන පරීක්ෂණයක්

colombotoday

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් 11 දිවයිනට

colombotoday

තොරතුරු දැනගැනීමේ පනතින් ප්‍රබල මාධ්‍ය මර්ධනයක්.. ETCA, බැදුම්කර මගඩි හෙළිකරොත් මාධ්‍යවේදීන් හිරේ

colombotoday

හිටපු කැබිනට් ඇමැතිවරයෙක් සූර්යබල ව්‍යාපෘතියක් අනුමත කිරීමට රුපියල් කෝටි පනහක් අල්ලස් අරන්

colombotoday

ඖෂධ ගන්න අමාත්‍යාංශ ප්‍රතිපාදන තවත් සියයට 1ක් කපාහරී

Admin