Colombo Today Local News

15 හැවිරිදි දැරිය අපයෝජනය කළ 20ක් අත්අඩංගුවට | දැරිය ප්‍රවාහනය කළ 6කුත් හදුනාගනී

පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අපයෝජනය කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධව මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සිදුකරන විමර්ශන අනුව තවත් පුද්ගලයින් 16 දෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් 20 දෙනෙකු අදාළ දැරිය ලිංගික කටයුතු සඳහා අපයෝජනය කළ පුද්ගලයින් වන අතර අනෙක් 6 දෙනා අදාළ දැරියව ලිංගික කටයුතු සඳහා අලෙවි කළ සහ ප්‍රවාහනය කළ පුද්ගලයින් බවට හඳුනාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර අදාළ දැරියගේ මව සහ මෙම දැරිය අන්තර්ජාලයේ අලෙවි කිරිම සඳහා වන දැන්වීම සකස් කළ පුද්ගලයා ද වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීමේදී පෙරේදා අත්අඩංගුවට ගත් 4 දෙනා අතර මැණික් ව්‍යාපාරිකයෙක්, නැවක කපිතාන්වරයෙක් සහ ඔහුගේ සහායකයෙක් සිටින බවද අනාවරණය වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දැරියගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී තවත් පුද්ගලයින් රැසක් පිළිබඳව තොරතුරු අනාවරණයවෙමින් පවතින බවද අජිත් රෝහණ මහතා පැවසීය.

ඉකුත් ජුනි 7වන දින ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මෙම සිද්ධිය අනාවරණය වී තිබුණි.

Related posts

හොරණ තල්ගහවිල ප්‍රදේශයේ වෙඩිතැබීමක්

Admin

පොලීසිය හැසිරෙන්නේ මෘගයෝ වගේ, ස්වාධීන කොමිසන් හංස පැටවුන්ගෙන් පිරිලා – උදය ගම්මන්පිල

colombotoday

ත්‍රස්තවාදීන්ට උදව්කල ජවිපෙ අපේක්ෂක ඊබ්‍රාහිම් පවුලේ කෝටි 100 ක දේපොළ තහනම්…?

colombotoday

ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරනු ! අලුත් ව්‍යවස්ථාවට උතුරෙන් යෝජනාවක්

colombotoday

“මහනුවරට ඉන්ටර්නෙට් කපයි “..ෆේස්බුක් අඩවියටත් වෙනස්කම්, රටේ සාමය රකින්න අන්තර්ජාලයේ සිදුවන සියලු වෙනස්කම් මෙන්න .!

colombotoday

මංගලගේ සම්බන්ධිකරණ ලේකම් සහ ටෙලිකොම් අධ්‍යක්ෂක ඉන්දියානු ගණිකා ජාවාරමක

colombotoday