World

ශ්‍රී ලංකාවේන් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළු වී ඇති බවට බුද්ධි අංශ අනාවරණයක්

ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරමින් තමිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව තර කිරීමට එරට බලධාරීන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බව ඉන්දීය මධ්‍යම බුද්ධි අංශය විසින් ඉකුත් සෙනසුරාදා (12)දින අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එබැවින් කන්යාකුමාරි, දත්කුඩි, රාමේෂ්වරම් සහ චෙන්නායි යන නගරවල දැඩි සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ආරම්භ කර ඇත.

බුද්ධි අංශ ආරංචි මාර්ගවලට අනුව ආයුධ සන්නද්ධ පිරිසක් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර ඇති බවටද තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

කෙසේවෙතත් මෙම පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෝ සංවිධානය කුමක්ද යන්න මෙතක් තහවුරු කර ගෙන නොමැති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Related posts

කුපිත වූ වැසියෝ පාර්ලිමේන්තුවට ගිනි තබති

colombotoday

මුම්බායි නගරය පුපුරුවා හරින බවට පාකිස්ථාන අංකයකින් තර්ජන

colombotoday

ඉන්දියාවෙන් දිනක් තුළ නව කොරෝනා ආසාදිතයින් 57,704 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

සන්නද්ධ කණ්ඩායමක් විසින් නෞකාවක් ඕමාන් බොක්කේදී පැහැරගනියි.

colombotoday

අල්ලාහ් වෙනුවෙන් “ලන්ඩන් බ්‍රිඩ්ජ්” නගරයට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ටියුනීසියාවේ හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටෙයි

Admin