World

ආගමික විශ්වාසයක් මත නිරාහාරව සිටි පුද්ගලයින් 47ක් මිය යයි

ස්ව කැමැත්තෙන් නිරාහාරව සිටි කෙන්යාවේ පුද්ගලයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආගමික විශ්වාසයක් මත මෙම පිරිස නිරාහාරව සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආගමික සිද්ධස්ථාන නායකයෙකු ඒ සඳහා ඔවුන්ට උපදෙස් ලබා දී ඇතැයි සඳහන් ය.

පළමුවරට සිරුරු 21 සොයාගෙන අතර පසුව සිරුරු 26 ක් සොයාගෙන තිබේ.

මෙලෙස තවත් පිරිස් ජීවිතක්ෂයට පත්ව ඇත්දැයි සෙවීම සඳහා විමර්ශන අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ආගමික ඇදහිල්ලෙන් දිවි ගලවා ගත් පිරිස සෙවීම සඳහා ද විමර්ශන ක්‍රියාත්මක වන අතර සෝදිසි මෙහෙයුම සඳහා අක්කර 800 ක භූමි ප්‍රදේශයක් මුද්‍රා තබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

colombotoday

ට්‍රක් රථයක් බසයේ ගැටී පාසල් සිසුන් පිරිසක් රෝහලට

Admin

ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100000ක් විය හැකි බවට ට්‍රම්ප් පිළිගනියි

colombotoday

ලෙබනන් රජයට එරෙහිව ජනතාව විරෝධතාවක

colombotoday

කාන්තාවන්ට අනතුරුදායකම රට ඉන්දියාව.. ඇමරිකාව 10 වැනි තැනට

colombotoday

ජපානයත් සඳට රොබෝ යානයක් යවන්න සූදානම්

Admin