Colombo Today Local News

සිංහරාජයෙන් මතුවූ හඳුනානොගත් අමුතු සතා (PHOTO)

1c68dbb60bbe0eb94eebf0e03e404bf5_L

හඳුනාගත නොහැකි සත්ත්වයෙකු සිංහරාජ වනාන්තරයෙන් හමු වී තිබේ. වනජීවි අමාත්‍යංශය පවසන්නේ සිංහරාජ වනාන්තරය ආශ්‍රිත වැද්දාගල සහ පොතුපිටිය අතර පිහිටි පනාපොල කොස්ගුලන ප්‍රදේශයෙන් මෙම සත්ත්වයා හමුව ඇති බව යි.

රන් හෝතඹුවා සහ උගුඩුවා වැනි සත්ව විශේෂවලට ආසන්න පෙනුමක් මෙම සත්ත්වයාට තිබෙන නමුත් වලිගයක් නොමැතිකම සහ කහ කළු දුඹුරු පැහැති ලෝම ඇති බැවින්, උගුඩු විශේෂයන්ට වඩා වෙනස් බව තහවුරු කරගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

මෙම සත්ත්වයා හඳුණාගත හැකි ගම්මුන් හෝ පුද්ගලයන් සිටීනම් ඔවුන්ගේ සහාය පතන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සත්වයාගේ බර කිලෝ ග්‍රෑම් 03ක් හා ග්‍රෑම් 300 ක් වන අතර, දිගින් සෙන්ටිමීටර් 60 ක් වේ.

ජාන විශ්ලේෂණය කොට මෙම සත්වයා හඳුනා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද වන ජීවී අමාත්‍යංශය පවසයි.

Related posts

20ට පක්ෂව ඡන්දය දීම ගැන මන්ත්‍රී විජේදාස දෙගිඩියාවෙන් – ජනපතිට ලිපියක් යවයි

colombotoday

ගේමක් දී කට්ටි පැන්න ‘SF ලොකූ‘ අත් බෝම්බයක් සමග මාට්ටු !

colombotoday

අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වහන්නැයි පාඨලි කියයි

colombotoday

ලංකාවේ ආරක්ෂාවට ඉන්දියානු ඇගිලිගැසීම් වැඩිවෙලා – අරක්ෂක ලේකම්

colombotoday

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

Admin

මාර්තු 31 සිට තහනම් වන භාණ්ඩ

colombotoday