Colombo Today Local News

ලිපිය ගැන ඇසූ මාධ්‍යවේදියාට ඇමති කිරිඇල්ල තිත්ත කතාවෙන් අමතයි.. හඩ පටය මෙන්න

kiriella 1121

කැළණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යානාංශය සදහා කථිකාචාර්යවරයෙකු බදවාගන්නැයි යොමුකර තිබූ ලිපිය සම්බන්ධව විමසු “අද” පුවත්පතේ මාධ්‍යවේදියාට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අපහාසාත්මක සහ අශීලාචාර වචනයෙන් බැණ වැදී තිබේ.

පහතින් දැක්වෙන්නේ එම හඩපටයයි

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ පෙබරවාරි 08 වැනිදා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අත්සන සහිතව යොමුකර තිබූ මෙම ලිපියේ නිවැරදිතාව පිළිබඳව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයාගෙන් පෙරේදා (28) දිනයේදී විමසීමක් කිරීමේදී ඔහු සඳහන් කළේ මෙම ලිපියේ කිරිඇල්ල මහතාගේ නිල මුද්‍රාව සඳහන්ව නැති බැවින් එය ව්‍යාජ ලෙස සකස් කළ එකක් විය හැකි බවයි. අමතිවරයා මෙසේ මාධ්‍යවේදීන්ට බැණවැදී ඇත්තේ ඒ පිළිබදව විමසීම සදහා ඔහු සම්බන්ධකරගත් අවස්ථාවේය.

එහිදී ඇමතිවරයා දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“ඒකේ තියෙන්නේ ‘සුදුසුකම් පරීක්ෂා කර බලා’ කියලනේ. ඇමතිවරයෙකුට බලය නැත්නම් ඉතිං ලියුමක් ලියන්න. විශ්වවිද්‍යාල පනත යටතේ ඇමතිවරයාට බලය තියෙනවා විශ්වවිද්‍යාලවලට නිර්දේශ නිකුත් කරන්න. අපි ……..(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි)ද? ඔයා හිතන්නේ ඇමතිවරු කියන්නේ ……..(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) කියලද? මම කියලා තියෙන්නේ සුදුසුකම් පරීක්ෂාකර බලා අවශ්‍ය දේ කරන්න කියලයි. ඔයා ඒ කෑල්ල දැක්කේ නැද්ද? අයිසේ මේ මම කියන්නේ ඇමතිවරයා කියන්නේ ……..(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) නෙමේ.

තමුසේ විශ්වවිද්‍යාල පනත කියවලා තියෙනවද? තමුසෙලා පනතක්වත් කියවලා නෑ තමුසෙලා නිකන් මේ කොනක් අල්ලගෙන. ඉස්සෙල්ලා විශ්වවිද්‍යාල පනත කියවනවා. ඇමතිවරයාට නියෝග නිකුත් කරන්න බලතල ඒකේ තියෙනවා. ‘සුදුසුකම් පරීක්ෂා කර බලා..’ තමුසෙලා විශ්වවිද්‍යාල පනත කියවනවා ඕයි ඉස්සෙල්ලා. යහපාලන ආණ්ඩුව ආවට අපි මේ බලතල පාවිච්චි කළේ නෑ. ඒකයි වැරැද්ද. ගිය ආණ්ඩුව කාලේ ඒ බලතල සම්පූර්ණයෙන්ම පාවිච්චි කළා. අපි කිසිම බලතලයක් පාවිච්චි කරලා නෑ.

නිර්දේශ නිකුත් කරන්න ඇමතිවරයාට බලය තියෙනවා. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ……..(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) වගේ මහින්ද රාජපක්ෂ කාලේ උඩ බලන්නේ හිටියේ. මහින්දගේ කාලේ අර කැළණිය විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම සුනන්ද මද්දුම බණ්ඩාර (උපකුලපති මහාචාර්යය සුනන්ද මද්දුම බණ්ඩාර) මෛත්‍රීපාලට එරෙහිව කතා කළා ටී.වී. එකේ. ඒත් අපි ඒ අයට ඉන්න හැරියා. අපි ඒ අයව අයින් කළේ නෑ.

තමුසේ විශ්වවිද්‍යාල පනත කියවලා තියෙනවද? ඔයා විශ්ව විද්‍යාල පනතේ ඇමතිවරයාගේ බලතල කියවලා තියෙනවද? අයිසේ මේ තමුසෙලා අපෙන් ප්‍රශ්න කරන්න ඉස්සෙල්ලා තමුසෙලා පනත කියවලා ඇමතිවරයාගේ බලතල මොනවද කියලා බලනවා. තමුසේ විශ්ව විද්‍යාල පනතේ ඇමතිවරයාගේ බලතල කියවලා තියෙනවද? තමුසෙලා මේ පෑනක් ……..(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) ගහගෙන හිටියට තමුසෙලා මාධ්‍යවේදීන්ද? විශ්ව විද්‍යාල පනත කියවලා මට කතාකරන්න ඕන.

තමුසෙලා මාධ්‍යවේදීන් නෙමේ හෙඩ්ලයින් බලාගෙන වැඩ කරන අය. ඔයා මගේ බලතල ගැන අහන්න ඔයා විශ්වවිද්‍යාල පනත කියවන්න ඕන. තමුසෙලා මාධ්‍යවේදීන් නෙමේ ඕයි. තමුසෙලා නිකන් මේ පෑනක් ……..(පුවත්පතක පළ නොකළ හැකි වචනයකි) ගහගෙන ඉන්න එවුන්. ඉස්සෙලා මගේ බලතල කියවන්න. විශ්වවිද්‍යාලවලට නියෝග දෙන්න මට පනතේ බලතල තියෙනවා. හැබැයි මම තදින්ම බලතල පාවිච්චි කරලා නෑ. මම කියන්නේ සුදුසුකම් පරීක්ෂා කර බලා… ඔයාට තේරෙන්නේ නැද්ද”

Related posts

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට

colombotoday

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට නොතීසි

Admin

අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ ගිනි අවියක් සමග උණ්ඩ

colombotoday

ව්‍යාජ නෝට්ටු සමඟ විගණන නිලධාරියෙක් මාට්ටු

Admin

ශ්‍රී ලංකා මහ බැංකුවේ රත්‍රන් සංචිතය පහළට

colombotoday

බිත්තරයක් රුපියල් 50ට විකුණන්න කෘෂිකර්ම ඇමති අවසර ඉල්ලයි

colombotoday