Colombo Today Local News

“ඇමති කිරිඇල්ල මීට පෙරත් දේශපාලන හිතවතෙකුට තණතුරක් දෙන්න බලපෑම් කළා” FUTA ජනපතිට ලියයි

kiriella futa

කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයට තාවකාලික කථිකාචාර්ය තනතුරක් සඳහා පුද්ගලයෙකු පත්කරන්නැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යොමුකර ඇති ලිපියක් සම්බන්ධව මේ දිනවල විශ්වවිද්‍යාල කේෂ්ත්‍රයේ කතාබහක් ඇති වී තිබේ.

එම විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අංශාධිපතිවරයාගෙන් පසුගිය 08 වැනිදා කිරිඇල්ල මහතා විසින් මෙම ඉල්ලීම කර තිබුණද, ආචාර්යවරුන්ට දැනගැනීමට ලැබී තිබුණේ ඉකුත් සෙනසුරාදා(27දා) ය.

හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුව මෙසේ තාවකාලික කථිකාචාර්ය තනතුරට පත්කරන්නැයි ඉල්ලා තිබෙන අතර, මේ පිළිබඳව කළ විමසීමකදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මොහාන් ද සිල්වා මහතා සදහන් කළේ මේ ආකාරයට දේශපාලන පත්වීමක් ලෙස විශ්වවිද්‍යාලයක් සඳහා කථීකාචාර්යවරයෙකු බඳවා ගන්නැයි ඉල්ලීමක් කර තිබෙන්නේ පළමු වතාවට බවයි.

විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳව අවබෝධයක් නොමැතිකමින් මෙවැනි ඉල්ලීමක් කර තිබෙන බවද ඒ මහතා කියා සිටියේය. මේ පිළිබඳව කළ විමසීමකදි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය රංගික හල්වතුර මහතා සඳහන් කළේ මීට පෙර අවස්ථාවකදීද කැලණිය විශ්වවිද්‍යාලයේ පාලන සභාව සඳහා දේශපාලන පත්වීමක් ලෙස නියෝජිතයෙකු පත්කිරීමට උසස් අධ්‍යපන ඇමතිවරයා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැරූ උත්සාහයක් තම සංගමය මැදිහත් වී නතර කළ බවයි.

විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළමු වරට මෙවර කථීකාචාර්යවරයෙකු පත්කිරීමට සිදුකර ඇති බලපෑම සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කළ බවද හල්වතුර මහතා ප්‍රකාශ කළේය.මේ පිළිබඳව අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මොහාන්ද සිල්වා මහතා,

“සාමාන්‍යයෙන් කථීකාචාර්යවරුන් අවශ්‍ය නම් විශ්වවිද්‍යාලවල තියෙන කාඩර් අනුව පුවත්පත් දැන්වීමක් පළකරලා විශ්වවිද්‍යාලයේ කවුන්සිල් විසින් සුදුසු අය බඳවාගැනීම සිදුකරනවා.මේ වගේ කතාවක් මම ඇහුවේ පළමු වතාවට.මේ විදියට ඇමතිවරුන් විවිධ කාරණා ගැන සඳහන් කරමින් අපිට ලිපි එවනවා.නමුත් මේ ලිපිය අපිට ලැබිලා නැහැ.කථිකාචාර්ය තනතුරක් සඳහා මෙවැනි ඉල්ලීමක් කර තිබෙන්නේ පළමු වතාවට.මෙවැනි ඉල්ලීමක් කර තිබෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය ගැන අවබෝධයක් නැති නිසයි” යනුවෙන් පැවසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය රංගික හල්වතුර මහතා අදහස් දක්වමින්,”ඇමතිතුමා කරන්න හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම විහිළුවක්.එහෙම දෙයක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තියෙන්න බැහැ.ඇමති කෙනෙකුටවත්,ජනාධිපතිටවත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් පත්කිරීමේ අයිතිය නැහැ.එම අයිතිය තියෙන්නේ විශ්වවිද්‍යාලවල තියෙන කවුන්සිල්වලට සහ සෙනේට්වලට පමණයි.ඇමතිකෙනෙකුට තාවකාලික පත්වීමක්වත් දෙන්න බැහැ.මේක විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවූ පළමු අවස්ථාව.

මීට පෙරත් කිරිඇල්ල ඇමතිවරයා කැලණිය විශ්වවිද්‍යාලයේ කවුන්සිල් එකට කෙනෙක්ව පත්කරන්න මෙවැනිම උත්සාහයක් දැරුවා.අපි මැදිහත්වෙලා එම දේශපාලන පත්වීම නැවැත්වුවා.මේක තමයි එතුමා කරපුදෙවැනි විහිළුව. විශ්වවිද්‍යාල පද්ධතියට එහෙම ඇඟිලි ගැහීමක් කරන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැටියට අපිට ඉඩ දෙන්න බැහැ.

අපි උත්සාහ ගනිමින් ඉන්නේ මේ කියන පුද්ගලයා කවුරුද කියලා අඳුන ගන්නයි.මේ කියන කෙනා විශ්වවිද්‍යාල ආචාර්යකෙනෙක් වෙන්න සුදුසුකම් තියෙන කෙනෙක් වුණත් මේ කරපු නොහොබිනා වැඩේ හින්දා ඔහු ආචාර්යවරයෙක් කිරීමට සුදුසු නැහැ.විශ්වවිද්‍යල ආචාර්යවරයා කියන්නේ අධ්‍යාපන මට්ටම හා සමානව විශ්වවිද්‍යාල පරිසරයත් එක්ක ජීවත්වෙන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න ඕනෑ.කෙනෙක් දේශපාලන බලයක් එක්ක විශ්වවිද්‍යලා පද්ධතියට එන්න උත්සාහ කරනවා නම් ඔහු ආචාර්ය කෙනෙකුට සුදුසු නැහැ.

මේ ගැන කිරිඇල්ල ඇමතිවරයාටත්,අගමැතිවරයාටත් ලියල තේරුමක් නැති නිසා ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ආචාර්යවරුන්ගේ සංගමය තීරණය කළා.ඒ සඳහා ලිඛිතව අපේ කණගාටුව ප්‍රකාශ කළා” යනුවෙන් පැවසීය.

මේ පිළිබඳව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සම්බන්ධ කරගැනීමට ‘අද’ උත්සාහ කළ අතර එහිදී ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් රාජිත සමරසූරිය මහතා සඳහන් කළේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ලිපි ශීර්ෂය යටතේ මෙම ලිපිය නිකුත් කර තිබුණද ඒ සඳහා ඇමතිවරයාගේ මුද්‍රාවක් තබා නැති බවයි.

මේ පිළිබඳව අද(29) දිනයේදී ඇමතිවරයාගේ අවධානයට යොමුකරන බවත් අමාත්‍යාංශයෙන් නිකුත් කළ ලිපියක්ද,එසේත් නැතහොත් ව්‍යාජ ලෙස සකස් කළ එකක්ද යන්න පිළිබඳව එහිදී සොයා බැලීමට බලාපොරොත්තුවන බවත් ඒ මහතා කියා සිටියේය.

Ada.lk

Related posts

ගෙදර අවුල් විසදගන්න රාජිත සෞඛ්‍ය සේවය බිල්ලට දීලා.. GMOA රාජිතට එරෙහිව නඩු යයි

colombotoday

ගෝඨාභය ආරක්ෂක ලේකම් කරන්න පුලුවන්නම් අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති කරාම මොකද – ෆොන්සේකා අසයි

colombotoday

තවත් ගිලන්රථයකට පහරදීමක්

colombotoday

යතුරුපැදි හිස්වැසුම් භාවිතයට මූලික කරුණු 10ක්.. ගැසට් නිවේදනය මෙන්න

colombotoday

අස්වැසුම අභියාචනා ලක්‍ෂය පනී… විරෝධතා 6,000ක්

Admin

නව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව රැස්වෙයි… දළ කෙටුම්පත අද එළියට…

colombotoday