Colombo Today Local News

CEPA විරෝධයට අගමැති කළ අපහාසය තොරතුරු තාක්ෂණ වෘත්තිකයෝ හෙළාදකී

cepaepa25551

පසුගියදා කොළඹ පැවති විරෝධතා පාගමන සහ රැළිය පිළිබඳව අග්‍රමාත්‍යවරයා කල අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සංගමයේ නිවේදනයක් නිකුතුකර තිබෙනවා. එය අපහාසාත්මක ප්‍රකාශයක් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධය පෑමේ ජනතා අයිතියට අභියෝග කිරීමක් වන බවද එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

යෝජිත ETCA ගිවිසුමට විරෝධය පාමින් වෘත්තිකයින්ගේ එකමුතුව පසුගිය 11 වනදා කොළඹදී සංවිධානය කරන ලද සාමකාමී විරෝධතා පාගමන සහ රැළිය සඳහා සහභාගී වූයේ මුදල් දී කුලියට ගත් පිරිසක් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

මෙය බරපතළ අපහාසාත්මක ප්‍රකාශයක් වන අතර මුදල් දී කුලියට ගෙන්වා ගත් අය ‍යැයි පැවසීමෙන් එයට සහභාගී වූ වෘත්තිකයින්ටත්,ශිෂ්‍යයන්ටත් සහ සමස්ත වැඩකරන ජනතාවටම සිදු කරන ලද අපහාසයට අපි දැඩි ලෙස විරෝධය දක්වන්නෙමු.

මෙය අපහාසයක් වනවා පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධය පෑමේ අයිතියට නිග්‍රහ කරන අකාරයේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ප්‍රකාශයක්ද වන්නේය. එම නිසා මෙම ප්‍රකාශය අප දැඩි ලෙස හෙළාදකින අතර මෙබඳු ප්‍රකාශයක් කිරීම සම්බන්ධව සමස්ත වැඩකරන ජනතාවගෙන් අගමැතිවරයා සමාව ගත යුතු බව අපගේ හැඟීමයි.

මුදල් සහ නොයෙකුත් කප්පම්දී ජනතාව රවටා සංවිධානය කිරීම ඔබලාගේ ක්‍රමය මිස අපගේ ක්‍රමය නොවන බව අප ගරු අගමැතිතුමාට මතක් කර සිටිමු. තමන් ලිච්ඡවී පාලනයක් ගෙන යන්නේ යැයි පවසමින් එදිනවල නිතර නිතර පැවසූ අගමැතිතුමා දැන් ලිච්ඡවී පාලනයට අළුත් අර්ථකතනයක් දෙන බවක් අපට පෙනී යයි.

මෙම ගිවිසුම සම්බන්ධව වඩාත් විවෘත ආකාරයට කටයුතු කරනවා වෙනුවට මෙවැනි මුරණ්ඩු සහ තර්ජනාත්මක ප්‍රකාශ වරින් වර ඉදිරිපත් කිරීමෙන් ඔහු පෙන්නුම් කරනුයේ අන්‍ය මතයන්ට ඇහුම්කන් දීමට ඇති අකමැත්ත දැයි අපට පැහැදිලි නැත.

මෙවැනි තත්වයක් තුළ අපට ගරු අග්‍රමාත්‍යවරයා සම්බන්ධයෙන් ඇති විශ්වාසය පලුදු වන අතර අප ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව මැදිහත්වෙන ලෙසයි.

මන්ද බොහෝ ලාංකිකයින් බලාපොරොත්තු වූ යහපාලනය කෙරෙහි ඇති අචල උනන්දුව එයට මුලපිරූ පුද්ගලයා වශයෙන් ජනාධිපතිතුමා තුළ තවමත් ඇතැයි අප දැඩිව විශ්වාස කරන බැවිනි.

ස්තූතියි.

නිරෝෂණ සපුතන්ත්‍රි.
ලේකම්.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සංගමය.

Related posts

ශ්‍රීලනිප යේ බිම් මට්ටම ගොඩ ගන්න චන්ද්‍රිකා ගමින් ගම යයි

colombotoday

රට දෙකට කඩා වෙනම පාර්ලිමේන්තුවක් සහිත, ප්‍රාන්ත රාජ්‍යයක් හදන්න උතුරෙන් සම්මත වූ යෝජනාව මෙන්න

colombotoday

MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සමුද්‍ර හානියට බිලියන 3ක වන්දියක් ඉල්ලයි

colombotoday

පාර්ලිමේන්තු යන්න අවසර ඉල්ලා ප්‍රේමලාල් අභියාචනාධිකරණයට

colombotoday

“හමිඩියාස්” සිව් මහල් ගොඩනැගිල්ල ගිනිගනී.. [Video]

colombotoday

ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව අලුත් ගෑස් සමාගමක්

colombotoday