Colombo Today Local News

‘සේනා’ මර්දනයට පරපෝෂිතයෙක්

බඩඉරිඟු වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වන සේනා දළඹුවා මර්දනයට පරපෝෂිතයෙකු හඳුනාගෙන තිබේ.

මෙම පරපෝෂිතයා හඳුනාගෙන ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වසර තුනක සිට කළ පර්යේෂණවලින් පසුවයි.

“ටෙලිනෝමස් රීමස්” නමැති එම පරපෝෂිතයා ස්වාභාවික පරිසරයේ වර්ධනය වන්නෙකි.

මෙම පරපෝෂිතයා සේනා දළඹු බිත්තර විනාශ කරන අතර එමගින් දළඹුවාගේ ව්‍යාප්තියට බලපෑම් ඇති කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

සේනා දළඹු හානිය මර්දනයට රසායනික ද්‍රව්‍ය යොදා ගැනීමෙන් වළකින ලෙස ද කෘෂිකර්ම අමාත්‍යාංය ගොවි ජනතාවට දැනුම් දී තිබේ.

Related posts

බෙංගාල බොක්ක ආශ්‍රිත අඩු පීඩන කලාපය දුර්වල වෙයි… ප්‍රදේශ කිහිපයකට තරමක් වැසි

colombotoday

රජයේ සියළු තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති මෙහෙයවීම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යටතට

colombotoday

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් අනිද්දා

Admin

ජනපති රනිල් ජෝන් කෙරී හමු වෙයි

Admin

ඌව වෙල්ලස්ස සරසවියට නව කුලපතිවරයෙක්

Admin

මෙක්සිකෝවේදී චීන ජාතිකයින් 8 දෙනෙකුගේ සිරුරු හමුවේ

Admin